ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පුහුණු තරඟය සඳහා ශ්‍රි ලංකා සංචිතය නම් කරයි.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර නොවැම්බර් 21 වන දින ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා සිව්දින පෙර පුහුණු තරඟය නොවැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී සංචිතය (President’s XI Team) නම් කර තිබෙනවා. (සංචිතය පහළින් සඳහන් කර ඇත)
මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර, එහි නායකත්වය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක චරිත් අසලංක හට ලැබී ඇති අතර, මිනෝද් බානුක , චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්.
පෙර පුහුණු තරඟයෙන් අනතුරුව පලමු ටෙස්ට් තරඟය නොවැම්බර් 21 සිට නොවැම්බර් 25 වන දින තෙක් හා දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 29 සිට දෙසැම්බර් 03 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තරඟ දෙකම පැවැත්වෙනුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වේ.
සිව්දින පෙර පුහුණු තරඟය සඳහා ශ්‍රී ලංකා (President’s XI Team) සංචිතය
1) චරිත් අසලංක
2) පැතුම් නිස්සංක
3) ඕෂධ ප්‍රනාන්දු
4) දනන්ජය ද සිල්වා
5) රොශේන් සිල්වා
6) මිනෝද් බානුක
7) චාමික කරුණාරත්න
8) අසිත ප්‍රනාන්දු
9) කමිල් මිශාර
10) චාමික ගුණසේකර
11) සුමිඳු ලක්ශාන්
12) ලක්ශාන් සඳකැන්
13) රමේශ් මෙන්ඩිස්
14) ලසිත් ඇඹුල්දෙණිය
15) විශ්ව ප්‍රනාන්දු
මෙවැනි News ඉක්මනින් දැනගන්න. අපගේ Whatsapp group එකට Join වෙන්න. (Click)