ශ්‍රී ලංකා – ඉන්දියාව අතර එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය සජීවීව් නැරඹිය හැකි ආකාරය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විත තරඟාවලිය ජූලි මස 13 වන දින ආරම්භ වීමට නියමිත තිබූ අතර, ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුට හා තවත් සාමාජිකයෙක් හට කොවිඩ්-19 වෛරසය ආසාදණය වීම හේතුවෙන් තරඟාවලිය ලබන 18 වෙනිදා දක්වා කල් දමා ඇත.
මෙම තරඟාවලිය විකාශන වන දේශීය නාළිකා මෙන්ම විදේශීය නාළිකාවන්ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර මෙවර තරඟාවලිය විකාශන වන දේශීය නාළිකාවක වන්නේ සියත ටීවී නාළිකාවයි.
ඩයලොග් ටීවී පාරිභෝගිකයින් හට නාළිකා දෙකකින් තරඟ සජීවීව නැරඹීමට අවස්ථාව ලැබී ඇති අතර එම නාළිකාවන් දෙක වන්නේ Sony Ten 01 නාළිකාව හා Sony Six නාළිකාවයි.
ශ්‍රී ලංකා – ඉන්දියාව අතර සම්පූර්ණ තරඟ කාළ සටහන.
පළමු එක්දින තරඟය – ජූලි මස 18 – (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය) – 2.30 PM
දෙවන එක්දින තරඟය – ජූලි මස 20 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය) – 2.30 PM
තුන්වන එක්දින තරඟය – ජූලි මස 23 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය) – 2.30 PM
පළමු විස්සයි විස්ස තරඟය – ජූලි 25 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය) – 7.00PM
දෙවෙනි විස්සයි විස්ස තරඟය – ජූලි 27 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය) – 7.00PM
තුන්වන විස්සයි විස්ස තරඟය – ජූලි 29 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය) – 7.00PM
මේ වන විට දෙරට අතර එක්දින තරඟ 165ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 91ක් ඉන්දියාව ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 56ක් පමණයි.
දෙරට අතර විස්සයි විස්ස තරඟ 19ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 13ක් ඉන්දියාව විසින් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තරඟ 5ක් පමණයි.