ශ්‍රී ලංකා – ඉන්දියා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

එක්දින තරඟ තුනකින් හා විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියාව අතර ක්‍රිකට් තරඟාවලිය ලබන 13 වන දින සිට ලබන 26 වන දින දක්වා ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව ඇත.


මේ සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කිරීමට නියමිතව තිබු අතර එම 30 දෙනා අතරට ඇන්ජලෝ මැතිවුස් ද ඇතුළත්ව සිටි බව පසුගිය දා සදහන් විය. නමුත් ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුන් මත නැවත දැනුම් දෙන තුරු තමාව ජාත්‍යන්තර තරඟ සඳහා එක් කර නොගන්නා ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි බවද වාර්ථා විය.

Sri Lankan cricket captain Angelo Mathews leave the grounds after Zimbabwe’s victory in the fifth one-day international (ODI) cricket match between Sri Lanka and Zimbabwe at the Suriyawewa Mahinda Rajapakse International Cricket Stadium in the southern district of Hambantota on July 10, 2017. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

ඒ අනුව අද දින ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර එයට පෙර තරඟාවලියේදී එක් කර නොගැනු භානුක රාජපක්ෂ, අශේන් බන්ඩාර, කසුන් රාජිත, ලහිරු කුමාර හා මිනෝද් භානුකව ද ඇතුළත් කර ඇත.

බංගලාදේශය සංචාරයේදි හා එංගලන්ත සංචාරයේදී නායකත්වය දැරූ කුසල් ජනිත් නායකත්වයෙන් ඉවත් කර ඇති අතර මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමි වී අතර උපනායකයාගේ වගකීම ලැබී ඇත්තේ දනන්ජය ද සිල්වාටයි.


ඒ අනුව නම් කළ ශ්‍රී ලංකා සංචිතය.
දසුන් ශානක
දනන්ජය ද සිල්වා
කුසල් ජනිත් පෙරේරා
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක

චරිත් අසලංක
භානුක රාජපක්ෂ
වනිඳු හසරංග
රමේශ් මෙන්ඩිස්
ඉසුරු උදාන

චාමික කරුණාරත්න
දනන්ජය ලක්ශාන්
ඉශාන් ජයරත්න
දුශ්මන්ත චමීර
අසිත ප්‍රනාන්දු

බිනුර ප්‍රනාන්දු
ශිරාන් ප්‍රනාන්දු
අකිල ධනංජය
ප්‍රවීන් ජයවික්‍රම
ලක්ශාන් සඳකැන්

අශේන් බන්ඩාර
ලහිරු උදාර
මිරෝද් බානුක
ලහිරු කුමාර
කසුන් රාජිත


පලමු එක්දින තරඟය – ජූලි 18
දෙවෙනි එක්දින තරඟය – ජූලි 20
තුන්වන එක්දින තරඟය – ජූලි 23

පලමු විස්සයි විස්ස තරඟය – ජූලි 25
දෙවෙනි විස්සයි විස්ස තරඟය – ජූලි 27
තුන්වන විස්සයි විස්ස තරඟය – ජූලි 29

(Photo by Geoff Caddick / AFP) (Photo by GEOFF CADDICK/AFP via Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *