ශ්‍රී ලංකා – ඉන්දියා තරඟාවලියේ කාල සටහන නිකුත් කරයි.

එක්දින තරඟ 3ක් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විත තරඟාවලියක් ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් සභාපති සවුරම් ගංගුලි මහතා ඊයේ දිනයේ (09) සඳහන් කර සිටියා.

මේ වන විට ඉන්දියාව ඉදිරියේ පැවැත්වීමට නියමිත එංගලන්ත ටෙස්ට් තරඟාවලිය සඳහා සංචිතයක් නම් කර තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායමක් ක්‍රීඩා කරන බව තවදුරටත් සඳහන් කර සිටියා.

තරඟාවලියට එක්දින තරඟ 3ක් හා විස්සයි විස්ස තරඟ 2ක් ඇතුළත් වන අතර තරඟාවලිය ජූලි 13 වන දින ආරම්භ වීමට නියමිතයි.

පලමු එක්දින තරඟය – ජූලි 13
දෙවන එක්දින තරඟය – ජූලි 16
තුන්වන එක්දින තරඟය – ජූලි 19
පලමු විස්සයි විස්ස තරඟය – ජූලි 22
දෙවන විස්සයි විස්ස තරඟය – ජූලි 24
තුන්වන විස්සයි විස්ස තරගය – ජූලි 27

මේ සඳහා නම් කර ඇති ඉන්දීය දෙවන පෙළ සංචිතය –
1) ශිකර් ධවාන්
2) ප්‍රීතිව් ශෝ
3) සූර්යකුමාර් යාදව්
4) ඉෂාන් කිෂාන්
5) සන්ජු සැම්සන්
6) හාඩික් පාන්ඩ්‍යා
7) කෘනාල් පාන්ඩ්‍යා
8) බුවනේෂ්වර් කුමාර්
9) නව්දීප් සයිනි
10) දීපක් චහර්
11)රාහුල් චහර්
12) යුස්වෙන්ද්‍ර චහල්
13) කුල්දීප් යාදව්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *