ශ්‍රී ලංකා – එංගලන්තය අතර සම්පූර්ණ තරඟාවලිය දේශීය නාළිකාවකින් සජීවීව නරඹන්න.

එක්දින තරඟ තුනකින් හා විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්තය අතර ක්‍රිකට් තරඟාවලිය මෙම මස 23 වෙනිදා ආරම්භ වීමට නියමිත වන අතර මේ වන විට තරඟාවලියේ විකාශන අයිතීන් දේශීය මෙන්ම විදේශීය නාළිකාවන් ද නිවේදනය කර ඇත.

ඒ අනුව තරඟාවලිය ශ්‍රී ලාංකිකයින් හට චැනල් අයි (Channel Eye) නාළිකාව මඟින් නැරඹීමට හැකි වන අතර ඩයලොග් ටීවී පාරිභෝගිකයින් හට නාළිකා දෙකක් ඔස්සේ තරඟ නැරඹීමට අවස්ථාව ලැබී ඇත.

ඩයලොග් ටීවී Channel Number 01 ඔස්සේ කිසිඳු ගාස්තුවක් නොමැතිව හා Channel Number 69 –  TEN CRICKET නාළිකාව ඔස්සේ ද මෙම තරඟාවලිය නැරඹීමට ඔබට අවස්ථාව පවතී.

ඊට අමතරව ගුවන්විදුලිය මඟින් Rasa FM (99.5MHz / 99.7MHz) නාළිකාව ඔස්සේ විස්තර විචාරයට සවන් දීමට හැකි වන අතර Youtube channel, Facebook හා Website මඟින් ද සජීවීව තරඟ නැරඹීමට හැකිවනු ඇත.

පලමු විස්සයි විස්ස තරඟය – ජුනි 23 –  Sophia Gardens, Cardiff
ශ්‍රී ලංකා වේලාවෙන් 10.30 PM

දෙවන විස්සයි විස්ස තරඟය – ජුනි 24 –  Sophia Gardens, Cardiff
ශ්‍රී ලංකා වේලාවෙන් 10.30 PM

තුන්වන විස්සයි විස්ස තරඟය – ජුනි 26 –  The Rose Bowl, Southampton
ශ්‍රී ලංකා වේලාවෙන් 7.00 PM

පලමු එක්දින තරඟය – ජුනි 29 Riverside Ground, Chester-le-Street
ශ්‍රී ලංකා වේලාවෙන් 3.30 PM

දෙවන එක්දින තරඟය – ජූලි 01 – Kennington Oval, London
ශ්‍රී ලංකා වේලාවෙන් 5.30 PM

තුන්වන එක්දින තරඟය – ජූලි 04 –  County Ground, Bristol
ශ්‍රී ලංකා වේලාවෙන් 3.30 PM

දෙරට අතර මේ වන විට එක්දින තරඟ 75ක් පවත්වා ඇති අතර දෙපිළම තරඟ 36 බැඟින් ජයග්‍රහණය සමත් වී ඇත. එක් තරඟයක් ලකුණු සම වීමෙන් අවසන් වී ඇති අතර තරඟ 2ක් තීරණයක් නොමැතිව අතහැර දැමීමට සිදුවී ඇත.

දෙරට අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 9ක් ක්‍රීඩා කර ඇති අතර තරඟ 5ක් එංගලන්තයද තරඟ 4ක් ශ්‍රී ලංකාවද ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.

ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට මෙතනින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *