ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සී මඟින් දඬයක් පනවයි. හිමිකර ගත් ප්‍රසාද ලකුණු තවත් අඩු කරයි.

ඉන්දියාවට එරෙහිව පැවතී දෙවන එක්දින තරඟයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් දඩයක් නියම කර තිබෙනවා.


එ, එම තරඟයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට එරෙහිව නියමිත කාලයට පෙර පන්දුවාර 50 ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙනි.

තරඟ විනිසුරු ලෙස කටයුතු කළ රන්ජන් මඩුගල්ලේ විසින් ඉදිරිපත් කරන ලද කාල සටහන සැලකිල්ලට ගනිමින්, තරඟයේ නියමිත කාලයට පෙර එක් පන්දු වාරයක් ප්‍රමාද වීම හේතුව නිසා මෙම දඩය පනවා ඇත්තේ.


ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන අයි.සී.සී නීති පද්ධතියේ 2.22 වන වගන්තියට අනුකූලව, ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරඟ ගාස්තු වලින් 20%ක දඩ මුදලක් නියම කර ඇත.

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

ඊට අමතරව, අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් වටයේ කොන්දේසි වල 16.12.2 වගන්තියට අනුව, නියමිත කාලයට පෙර පන්දුවාර යැවීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු 1ක් අඩු කිරීමට ද අයි.සී.සී ය මඟින් පියවර ගෙන ඇත.

(Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

ඒ අනුව ශ්‍රී ලංකාවට සුපර් ලීගය යටතේ මේ වන විට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 12ක් පමණයි.

මේ වන ටිට ශ්‍රී ලංකාව සුපර් ලීග් වටය යටතේ තරග 11කට ක්‍රීඩා කර ඉන් එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කරමින් 12 වන ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක වරද පිලිගෙන ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර ඇත.

  (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

මීට පෙර ද මෙවැනිම වරද හේතුවෙන් අයි.සී.සී සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සංඛාවෙන් ලකුණු දෙකක් අහිමි වී තිබුණ අතර මෙය තුන්වැනි අවස්ථාවයි

India’s Deepak Chahar (C) celebrates with his teammates after India defeated Sri Lanka by 3 wickets in their second one-day international (ODI) cricket match between Sri Lanka and India at the R.Premadasa Stadium in Colombo on July 20, 2021. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *