ශ්‍රී ලංකා කණ්ඩායම නව වාර්ථාවක් පිහිටුවයි. ප්‍රබල ඉන්දියා කණ්ඩායම සමඟ සමතැන ගනී.
ශ්‍රී ලංකා – එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය අද (29) ආරම්භ වූ අතර පලමු තරඟයෙන්ම කඩුලු 5ක ජයක් වාර්ථා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය

නිරෝශන් දික්වැල්ල, දනුශ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන පිතිකරුවන් නොමැති විම හේතුවෙන් අද දින ශ්‍රී කණ්ඩායම පිතිකරුවන් දෙදෙනෙකු පමණක් ඇතුළත් වූ අතර පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42.3ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 185ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක කුසල් ජනිත් පෙරේරා පන්දු 81කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග පන්දු 65කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය. ඊට අමතරව චාමික කරුණාරත්න ලකුණු 19ක් ලබා ගත් අතර අන් කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34.5කදී කඩුලු 5ක් පමණක් දැවී තරඟය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිය ලකුණු ලාභියා වූ Joe Root නොදැවී ලකුණු 79ක් ලබා ගැනීමට සමත් විය.

අද දින ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය මෙහෙත් ජාත්‍යන්තර එක්දින තරඟවලදී ලැබූ 427 වන පරාජයයි. එමඟින් එක්දින ඉතිහාසයේ වැඩිය පරාජයන් සංඛ්‍යාවකට හිමිකම් කියූ (පරාජය 427) ඉන්දීය කණ්ඩායම සමකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (29) හැකිවිය.
ඉන්දීය කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර එක්දින තරඟ 993ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරඟ 516ක් ජයග්‍රහණය කරමින් තරඟ 427ක් පරාජයට පත් වී තිබේ.
අද (29) තරඟයත් ඇතුළුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 861ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරඟ 392ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර තරඟ 427ක් පරාජය පත් වී තිබේ.
එක්දින ඉතිහාසයේ වැඩිම පරාජයන් සංඛ්‍යාවකට හිම්කම් කියන රටවල්.
ශ්‍රී ලංකාව – 427
ඉන්දියාව – 427
පකිස්ථානය – 414
බටහිර ඉන්දීය කොදෙව් – 384
සිම්බාබ්වේ – 375
නවසීලන්තය – 374
එංගලන්තය – 339
ඕස්ට්‍රේලියාව – 333
බංගලාදේශය – 245
දකුණු අප්‍රිකාව – 218
