ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කිරීමට අපට හැකි බව තමන් විශ්වාස කරනවා – සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු පවසයි.
මෙම මස 16 වෙනිදා ආරම්භ වීමට නියමිත, ශ්‍රී ලංකාව සමඟින් තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම මෙම මස 10 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වෙනවා.
මෙම තරඟාවලියද ලෝක කුසලානය තරඟාවලියට සෘජුවම සුදුසුකන් ලබාගැනීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් පවත්වනු ලබන සුපර් ලීග් වටයේ තරඟයලියකට ඇතුලත් වෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට සහභාගිවීමට පෙර සිම්බාබ්වේ ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගෙන පුහුණු තරග කිහිපයක් ක්‍රීඩා කරන අතර, එහි පළමු තරගය ඊයේ (3) පැවති බවයි සිම්බාබ්වේ මාධ්‍ය වාර්තා කර තිබුණා.
තරඟාවලිය සම්බන්ධයෙන්, සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ලාල්චන්ද් රාජ්පුත් Cricinfo නම් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ හැකි බව තමන් විශ්වාස කරන බවයි.
සිම්බාබ්වේ පුහුණුකරු විසින් මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළ අදහස්,
“අපිට ක්‍රීඩා කරන සෑම තරගයක්ම වැදගත්. මොකද, සුපර් ලීග් තරග වලින් තමයි ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සුදානම් වීම වගේම හොදින් තරගාවලිය ආරම්භ කිරීම ද වැදගත්. “මට ගොඩාක් ලොකු විශ්වාසයක් තියෙනවා සහ හැමතිස්සෙම විශ්වාස කරනවා අපට ශ්‍රී ලංකාව පරාජය කරන්න පුලුවන් කියලා. මොකද අපි Pro50 තරගාවලියේදි ( සිම්බාබ්වේ හී පැවැත්වෙන දේශීය තරග මාලාවක් ) හොදින් තරග ක්‍රීඩා කළා.
“අපි හොදින් සුපර් ලීග් තරග වටය ආරම්භ කළේ නෑ. නමුත් මට විශ්වාසයක් තිබෙනවා. Pro50 තරගාවලියේදි, ක්‍රීඩකයින් දක්ෂතා අතර සිටීම නිසා ශ්‍රී ලංකාවේදි අපි හොදින් ක්‍රීඩා කරන්න පුලුවන් වේවි කියලා, අපි අපේ හොදම දක්ෂතා දැක්වුවහොත් අපේ හොදම ක්‍රීඩකයින් එක්ක , අපිට ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබා ගැනීමට හොද අවස්ථාවක් තිබෙනවා.” – සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු.
දෙරට අතර එක්දින තරඟාවලිය ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත අතර, තරඟාවලියේ කාළ සටහන පහළින්,
• පලමු එක්දින තරඟය – ජනවාරි 16 – 2.30PM
• දෙවෙනි එක්දින තරඟය – ජනවාරි 18 – 2.30PM
• තුන්වන එක්දින තරඟය – ජනවාරි 21 – 2.30PM
මෙම සියලුම තරඟ දිවා-රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමට කටයුතු කර ඇති අතර, පල්ලෙකැලේදී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර මේ වන විට එක්දින තරඟ 57ක් පවත්වා ඇති අතර, ඉන් තරඟ 44ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති අතර, සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකිවී ඇත්තේ තරඟ 11ක් පමණයි. තරඟ 2ක් විසඳුමකින් තොරව නිමාවට පත්වී ඇත.