ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝතම විස්සයි විස්ස තරඟාවලියක් ඕස්ට්‍රේලියාවට එරෙහිව.

2021/2022 තරඟ වාරය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රිකට් කාල සටහන අද (19) දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරඟ 5කින් යුත් තරඟාවලියක්, ඕස්ටේලියාවේ පැවැත්වීමට නියමිතයි. මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තරඟාවලියක වැඩිම විස්සයි විස්ස තරඟ ඇතුළත් තරඟාවලියයි.

 (Photo by PATRICK HAMILTON/AFP /AFP via Getty Images)

ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරඟ 5කින් යුත් තරඟාවලියේ කාලසටහන.

පලමු තරඟය – පෙබරවාරි 11 –  SCG
දෙවන තරඟය – පෙබරවාරි 13 – The Gabba
තුන්වෙනි තරඟය – පෙබරවාරි 15 – Metricon Stadium
හතරවන තරඟය – පෙබරවාරි 18 – Adelaide Oval
පස්වන තරඟය – පෙබරවාරි 20 – MCG

ශ්‍රි ලංකාව සමඟ තරඟාවලියට අමතරව ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාව කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයේ විස්සයි විස්ස තරඟ 5ක් හා එක්දින තරඟ 3කට ද, එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ 5කට ද සහභාගී වීමට නියනිතයි.


එදා මෙදා තුර ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 16ක් පවත්වා ඇති අතර කණ්ඩායම් දෙකම තරඟ 8 බැඟින් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියාව අතර පලමු විස්සයි විස්ස තරඟය පවත්වා ඇත්තේ 2007 විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලියේ දී වේ. එම තරඟයෙන් කඩුලු 10ක පහසු ජයක් ලබාගැනීමට සමත් වී ඇත්තේ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි. දෙරට අතර අවසන් වරට විස්සයි විස්ස තරඟයක් පවත්වා ඇත්තේ 2019 නොවැම්බර් මාසයේදී වේ. එහිදී විස්සයි විස්ස තරඟ 3ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරඟ 3ම පරාජය වී ඇත.

(Photo credit should read MAL FAIRCLOUGH/AFP/Getty Images)

දෙරට අතර එක්දින තරඟ 97ක් පවත්වා ඇති අතර ඕස්ට්‍රේලියාව විසින් තරඟ 61ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 32කි. තරඟ 4ක් ජයපරාජයෙන් තොරව නිමා වී ඇති අතර දෙරට අතර අවසන් වරට එක්දින තරඟයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ එක්දින ලෝක කුසලානය තරඟාවලියේ දී වේ.


එදාමෙදා තුර ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟ 31ක් පවත්වා ඇති අතර ඕස්ට්‍රේලියාව තරඟ 19ක් ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 4ක් පමණි. තරඟ 4ක් ජය-පැරදුමෙන් තොරව නිමා වී ඇත.

දෙරට අතට දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගෙන් ටෙස්ට් තරඟ වලදී වැඩිම ලකුණු සංඛ්‍යවක් ලබාගෙන ඇති ක්‍රීඩකයින් අතර පලමු ස්ථාන තුනේම සිටින්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ය. එම ක්‍රීඩකයින් තිදෙනා වන්නේ දනන්ජය ද සිල්වා, දිනේශ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් වේ.

 (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

දෙරට අතර එක්දින තරඟ වලදී (දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගෙන්) වැඩිම ලකුණු ලාභියා ඩේවිඩ් වෝනර් වන අතර දෙවෙනි ස්ථානයේ ඇන්ජලෝ මැතිවුස් රැඳී සිටියි. විස්සයි විස්ස තරඟවලදි ද වැඩිම ලකුණු ලාභියා වන්නේ ඩේවිඩ් වෝනර් වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා වැඩිම ලකුණු ලාභියායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *