ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් අතර ඇතුවූ සාකච්ඡාවකදී උණුසුම් තත්වයක්.
නව වාර්ශික කොන්ත්‍රාත්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට සිදුවී ඇති අසාදාරණය හේතුවෙන් ක්‍රීඩකයින් විසින් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති ඇතර එළඹෙන එංගලන්තය සංචාරය සදහා නම් අර ඇති ක්‍රීඩකයින් ඇතුළු ක්‍රීඩකයින් 38 දෙනෙකු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලුම සංචාර ගිවිසුම් ද ප්‍රතික්ෂේප කර ඇති බවට පසුගිය දා වාර්ථා විය.

මේ අතර අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිළධාරීන් හා ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්තය සංචාරය සඳහා නම් කළ සංචිතය සමඟ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
එහිදී සංචාරක කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන ක්‍රීඩකයින්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ක්‍රිකට් ප්‍රධානීන් මෙහිදි දන්වා ඇති අතර ඒ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. නිළධාරියෙක් විසින් ක්‍රීඩකයින් හට දන්වා ඇත්තේ සංචාරක කොන්ත්‍රාත්තුව අත්සන් නොකළ අයට හෝටල් පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි.