ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 38 දෙනෙකු සියලුම සංචාර ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි.
නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා පිළිබද මතුවී ඇති ගැටලු හේතුවෙන් වාර්ෂික සහ සංචාර ගිවිසුම් අත්සන් කිරීම ක්‍රීඩකයින් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්ථා වෙනවා.

නව ක්‍රීඩක වර්ගීකරණ ක්‍රමවෙර්දය පැහැදිලි කරන ලෙස ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ඉල්ලා සිටි අතර එම ගැටලු වලට පිළියම් යෙදීමට මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තීරණය ගත් බවටයි සඳහන් වන්නේ.
ක්‍රීඩකයින්ගේ දක්ශතා සහ ශාරීරික යෝග්‍යතාව මත පමණක් සළකා කළ වර්ගීකරණයට ක්‍රීඩකයින් එකඟ වූ නමුත්, දක්ශතා හා ශාරීරික යෝග්‍යතාව හැර වෙනත් තාත්වික නොවන කරුණු මත පදනම් කර ගනිමින් සිදුකර ඇති ක්‍රීඩක වර්ගීකරණයට විරුද්ධ බවයි ක්‍රීඩකයින් පවසා සිටියේ.
මේ වන විට එංගලන්තය සංචාරය සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබුණත්, ඔවුන් සියලු දෙනාම ඊට අදාල සංචාර ගිවිසුම් අත්සන් කිරීමට තීරණය කර තිබෙන අතර ඉදිරියේ දී කිසිදු සංචාර ගිවිසුමකට ඇතුළත් නොවීමටත් තීරණය කර ඇහි බවට වාර්ථා වෙනවා.
එම ක්‍රීඩකයින් 24 දෙනා පමණක් නොව එංගලන්ත සංචාරයට එක් නොවන ක්‍රීඩකයින් ද ඉදිරියේ දී පැවැත්වෙන කිසිදු සංචාරයකට අදාළ සංචාර ගිවිසුම්වලට අත්සන් නොකිරීමටයි තීරණය කර ඇත්තේ.
මීට පෙර වර්ශවල දී දක්ෂතා දක්වා ඇති නමුත් වාර්ෂික ගිවිසුම් ලබා නොදුන් ක්‍රීඩකයින් පිළිඳව ද සළකා බලා සාධාරණයක් ඉටු කරන තෙක් ක්‍රීඩකයින් සියල්ල සාමූහිකව මෙම ගිවිසුම්වලට අත්සන් නොතිබීමට තීරණය කර ඇති බව ද අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

නමුත්, ඉදිරි තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කියා සිටියනවා.
එංගලන්ත සංචාරය සඳහා නම් කළ ශ්රී ලංකා සංචිතය මෙතනින් බලන්න – (Click)