ශ්‍රී ලංකා ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමෙන් එළියට විසි වෙන ලකුණු.

එළඹෙන බංග්ලාදේශ සහ එංගලන්ත සීමිත පන්දුවාර තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනස්කම් රාශියක් සිදුවීමට ඉඩකඩ ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා තේරීම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් , දිමුත් කරුණාරත්න , සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා වැනී ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසක්ම සීමිත පන්දුවාර කණ්ඩායමට ඇතුලත් කර නොගැනීමට තීරණය කොට ඇති බව වාර්තා වනවා.

” තේරීම් කමිටුවට ඕනෙ අලුත් තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව දෙන්න.ඒක නිසා ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසකට කණ්ඩායමේ තමන්ගෙ ස්ථානය අහිමිවෙන්න පුලුවන්. ඒ වගේම මේ පිලිබඳව අවසන් තීරණය ඉදිරි සතිය තුලදී ගන්න බලාපොරොත්තු වෙනවා ” යැයි ශ්‍රීලංකා ක්‍රිකට් හි ඉහල පෙළේ නිලධාරියෙක් අදහස් දක්වා තිබෙනවා.

ශ්‍රීලංකාව මැයි මාසයේදී එක්දින තරගාවලියක් සදහා බංග්ලාදේශයට පිටත්ව යන අතර ජුනි මාසයේදී එංගලන්තය සමග එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සදහා පිටත්ව යෑමට නියමිතයි.

ශ්‍රීලංකා නිත්‍ය එක්දින නායක දිමුත් කරුණාරත්න හට එක්දින කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වුවහොත් ඔහුගෙන් හිස්වන කණ්ඩායමේ නායකත්වය සදහා ශ්‍රීලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද වාර්තා වනවා.

Naveen Krishmal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *