ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හා ඇන්ජලෝ මැතිව්ස්ගෙන් එම්.එස් දෝණිට පණිවිඩයක්.
14 වන වරටත් පැවැත්වෙන අයි.පී.එල් තරඟාවලියේ ඊයේ (10) පැවතී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර Qualifier 1 තරඟයෙන් කඩුලු 4ක ජයක් ලබාගත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත්තා. (ඇන්ජලෝ මැතිව්ස්ගේ හා දිමුත් කරුණාරත්නගේ ට්විටර් සටහන් හා MS දෝණිගේ වේගවත් පිතිකරණ වීඩියෝව පහළින් නැරඹීමට හැකියි)
තරඟයේ පලමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 172ක් ලබා ගැනීමට සමත් වූ අතර දිල්ලි කණ්ඩායම වෙනුවෙන් Prithvi Shaw පන්දු 34කදී ලකුණු 60ක් වාර්ථා කරමින් වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව නායක Rishabh Pant ද පන්දු 35කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබාගැනීමට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ පලමු කඩුල්ල ලකුණු 3 දී දැවී ගියත්, Raturaj Galwkad , Robin Uthappa සමඟින් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 110ක සබඳතාවක් එක් කිරීමට සමත් විය. ඉන් පසු චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් තරඟය නැවතත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙත නැඹුරු වූ අතර, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දුවාර 2ට ලකුණු 24ක් අවශ්‍ය විය.
අවසන් මොහොතේ චෙන්නායි සුපර් කින්ග්ස් නායක එම් එස් දෝනි පන්දු 6කින් හතරේ පහර 3ක් එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 18ක් ලබා ගනිමින් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරවීමට සමත් විය.
මීට පෙර තරඟ වලදී අසාර්ථක වුවත් මෙම තරඟයේදී යළි තරඟ දිනවන්නාගේ සුපුරුදු රිද්මයට පැමිණීමට හැකි වීම හේතුවෙන් එම් එස් දෝනි හට ප්‍රේක්ෂකයින් මෙන්ම ක්‍රීඩකයින් ද සුභ පැතුම් එක කළ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හා ඇන්ජලෝ මැතිව්ස් තම ට්විටර් ගිණුනේ සටහන් එක් කරමින් එම්.එස් දෝණි හට සුභපැතුම් එක් කර තිබුණා.
ඇන්ජලෝ මැතිව්ස්ගේ ට්විටර් සටහන
One of the most successful captains if not THE most successful in the history of the game who has won every single trophy finishes off in style and takes them to another final! What a player @msdhoni ! All the best to @DelhiCapitals in the next game!
— Angelo Mathews (@Angelo69Mathews) October 10, 2021
දිමුත් කරුණාරත්නගේ ට්විටර් සටහන
What a finish by MS Dhoni!
Vintage Thala' ?. Is back ?
The greatest finisher of all time ?#Cricket #CSK #IPL #IPL2021 #Qualifiers #MSDhoni— ?????? ???????????? (@IamDimuth) October 10, 2021
මීට අමතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, මෙවර අයි.පී.එල් තරඟාවලිය පිළිඹඳව ද ට්විටර් සටහනක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම හා එම්.එස් දෝණිගේ නායකත්වයෙන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මෙවර අවසන් මහා තරඟයේදී තරඟ වැදීම නැරඹීමට තමන් කැමැති බවයි.