ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න දුර්ලභ වාර්ථාවක් පිහිටුවීමට සමත්වෙයි.

2021-23 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පලමු තරඟය වන ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 187ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

 

 

ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවතී මෙම තරඟයේදී පලමු ඉනිමෙදී ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න විශිෂ්ට ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර ඔහු පන්දු 300කදී ලකුණු 147ක් (හතරේ පහරවල් 15) ලබාගැනීමට සමත් විය.

 

 

අයි.සී.සී ටෙස්ට් ශූරතාවලියේ පලමු අදියරේ ශ්‍රී ලංකාව සහභාගි වූ පලමු තරඟය ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවතී අතර, එම තරඟයේදී දෙවෙනි ඉනිමෙදී නවසීලන්ත කණ්ඩායම එරෙහිව දිමුත් කරුණාරත්න ශතකයක් ලබාගැනීමට සමත් වී ඇත. එම ඉනිමේදී ඔහු ලකුණු 122ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඒ අනුව, අයි.සී.සී ය මඟින් සංවිධානය කළ ටෙස්ට් ශූරතාවලි දෙකේදීම ශ්‍රී ලංකාව සහභාගි වූ ආරම්භක තරඟයේදී ශතක රැස් කිරීමට ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න සමත් වූ අතර, ලොව අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් එවැනි දස්කමක් දක්වා ඇත්තේ දිමුත් කරුණාරත්න පමණයි.

 

 

දිමුත් කරුණාරත්න මේ වන විට ටෙස්ට් තරඟ 73ක් ක්‍රීඩා කර ඉනිම් 141කදී ලකුණු 5406ක් ලබාගෙන තිබෙන අතර, ලකුණු 39.75 පිතිකරුණ සාමාන්‍යක් පවත්වාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් අර්ධ ශතක 27ක් හා ශතක 13ක් හා ද්විත්ව ශතකයක් රැස්කරගෙන සිටින දිමුත් කරුණාරත්නගේ වාර්ථා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනුයේ මෙම වසරේ පැවතී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟයේදී ලබාගත් ලකුණු 244 වේ.

 

 

ඊට අමතර ඔහු මෙම වසරේදී (2021) ටෙස්ට් තරඟ 6ක් ක්‍රීඩා කර ඇති අතර, ක්‍රීඩා කළ ඉනිම් 11කදී ලකුණු 858 ක් ලබාගැනීමට සමත් වී ඇති අතර, මෙම වසරේදි ටෙස්ට් ශතක 4ක් හා අර්ධ ශතක 3ක් ලබාගෙන ඇත. මෙම වසරේදී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 77.64 කි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *