ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම නැවතත් විස්සයි විස්ස පිටියේ වාර්ථා අලුත් කරයි.
ශ්‍රී ලංකා – එංගලන්තය අතර විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන හා අවසන් තරඟයත් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින්, තරගාවලිය තරඟ 3/0ක් ලෙස ජයගැනීමට එංගලන්තය කණ්ඩායම සමත් විය.

තුන්වන විස්සයි විස්ස තරඟයේ දී නායක කුසල් ජනිත් පෙරේරා කාසියේ වාසිය දිනාගෙන පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් විය. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 91ක් පමණි.

ශ්‍රී ලංකාව විසින් මෙම ලබා ගත් ලකුණු 91 ඉතිහාස ගත වූයේ එංගලන්තය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර තරඟයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 111ක් පමණි. 2010 දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව කඩුලු 6ක් දැවී ලකුණු 128ක් ලබාගෙන ඇති අතර නිමා වූ තරඟ 2 තුළදීම ශ්‍රී ලංකාවට, එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස තරඟවලදී අඩුම ලකුණු සංඛ්‍යාවන් වාර්ථා කිරීමට සමත් විය.

තවද, වසර 15ක විස්සයි විස්ස අතීතය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100ට අඩුවෙන් දැවී ගිය අවස්ථා 6ක් වාර්ථා වී ඇති අතර අද (26) ලබාගත් ලකුණු 92 ඉතිහාසය ගත වූයේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරඟ රටාවේ ලකුණු 100ට අඩුවෙන් දැවී ගිය 7වන අවස්ථාව ලෙසයි.
අද තරඟයේ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පන්දු යවන්නෙක් වන බිනුර ප්‍රනාන්දු වන අතර ඔහු පන්දු 14කදී හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් රැස් කිරීමට සමත් විය. ඊට අමතරව ඕෂධ ප්‍රනාන්දු පන්දු 27කදී ලකුණු 19ක් ද රැස් කිරීමට සමත් විය. මෙම තරඟයේදී ද කුසල් මෙන්ඩිස් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 6ක් පමණයි.

දෙරට අතර තරඟ 3කින් සමත්විය එක්දින තරඟාවලිය ලබන 29 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර ජූලි 04 වෙනිදා තරඟාවලිය අවසන් වීමට නියමිතයි.