ශ්‍රී ලංකා තවත් ක්‍රීඩකයෙකුට වසර 6ක ක්‍රිකට් තහනමක්.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූශණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා හට වසර හයක ක්‍රිකට් තහනමක් පැනපීමට අයි.සී.සී ය මඟින් තීරණ කර ඇත.
නුවන් සොයිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 30ක් ක්‍රීඩා කර ඇති අතර කඩුලු 64කට හිමිකම් කියයි. ටෙස්ට් තරඟයක කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) ලබාගෙන ඇති නුවන් සොයිසාගේ හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 20ට කඩුලු 5ක් දවා ගැනීමයි. ජාත්‍යන්තර එක්දින පිටියේ ද තරඟ 95කදී කඩුලු 108ක් දාවාගෙන ඇති අතර එක්දින පිටියේ හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 26කට කඩුලු 5ක් දවා ගැනීමයි.
මීට පෙර සතියේ දී දිල්හාර ලොකුහෙට්ටිගේ වසර 8ක මෙවැනිම තරඟ තහනමකට ලක් විය.