ශ්‍රී ලංකා – බංගලාදේශය අතර වසර 19ක එක්දින අතීතය තුළ ශ්‍රී ලංකාවට පලමු වතාවට තරඟාවලි පරාජයක්.
ශ්‍රී ලංකා – බංගලාදේශය අතර තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ දෙවනි තරඟය අද (25) වන දින නිමාවට පත් වූයේ බංගලාදේශය කණ්ඩායමට ලකුණු 103ක ජයක් හිමිකර දෙමින් ය.
කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 246න් රැස් කළ අතර ඊට පිලිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 141ක් පමණි..

ඒ අනුව තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟ 2/0ක් ලෙස ජයග්‍රහණය කිරීමට බංගලාදේශය කණ්ඩායම සමත් විය.
මෙවර තරඟාවලිය හැර මීට පෙර ශ්‍රී ලංකා – බංගලාදේශය අතර මේ වන විට එක්දින තරඟාවලි 8ක් පවත්වා ඇති අතර බංගලාදේශය කණ්ඩායට එක් තරඟාවලියක්වත් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ ඇති අතර මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ඉතිහාසයේ පලමු වතාවට බංගලාදේශය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා – බංගලාදේශය අතර මේ වන තෙක් පවත්වා ඇති තරඟාවලි වල ප්‍රතිඵල.
2002 දී තරඟ 3/0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.
2005 දී තරඟ 3/0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.
2006 දී තරඟ 2/1ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.
2007 දී තරඟ 3/0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.
2013 දී තරඟ 1/1ක් ලෙස තරඟාවලිය සම වී ඇත.
2014 දී තරඟ 3/0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.
2017 දී තරඟ 1/1ක් ලෙස තරඟාවලිය සම වී ඇත.
2019 දී තරඟ 3/0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.
2021* පළමු තරඟ දෙකම ජයග්‍රහණය කරමින් බංගලාදේශය කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.