ශ්‍රී ලංකා – බංගලාදේශය අතර එක්දින තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාළිකාවත් මිළදී ගනී.

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ICC Cricket Wold Cup super League තරඟාවලියට අයත් එක්දින තරඟ තුනකින් යුත් ක්‍රිකට් තරඟාවලිය ලබන 23 වන දින සිට මැයි 28 වෙනිදා දක්වා පැවැත්වෙන අතර මේ වන විට ශ්‍රී ලංකා සංචිතය බංගලාදේශය බලා පිටත් වී ඇත.

(AP Photo/Eranga Jayawardena)

මෙම තරඟාවලියේ විකාශන අයිතිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “Channel Eye” නාළිකාව විසින් ලබාගැනීමට සමත් වී ඇති බවට වාර්ථා වෙයි.

තවමත් මෙය විදෙස් නාළිකාවක් මිලදී නොගැනීම හේතුවෙන් ඩයලොග් ටීවී පාරිභෝගිකයින් හට Channel Number 01 නාළිකාව ඔස්සේ නොමිලේ තරඟාවලිය නැරඹීමට අවස්ථාව හිමි වනු ඇත.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් හා කුසල් මෙන්ඩිස්ගේ උපනායකත්වයෙන් යුත් තරුණ ක්‍රීඩකයින් රැසක් ඇතුළත් මෙම තරඟාවලියේ කාල සටහන ශ්‍රි ලංකාවේ වේලාවෙන් මෙසේය.

පළමු තරඟය – මැයි 23 – 12.30PM
දෙවන තරඟය – මැයි 25 – 12.30PM
තුන්වෙනි තරඟය – මැයි – 12.30PM


ඒ අනුව ලබන 23 වෙනිදා Channel EYE නාලිකාව ඔස්සේ හෝ ෆේස්බුක් හා යූටියුබ් හරහා ද මෙම තරඟාවලිය නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *