ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක ලොව හොඳම ක්‍රීඩකයින් 11 අතරට.
ESPNcricinfo නම් ලොක සුප්‍රකට වෙබ් අඩවිය මඟින් වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්ශතා දක්වන වයස අවුරුදු 25ට අඩු තරුණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීකඩයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.
මෙම තරුණ ක්‍රීඩකයින් 11 දෙනාගෙන් යුත් කණ්ඩායම වසර 10කින් එනම් 2031 වන විට ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හා සමාන වනු ඇති බවයි ඔවුන් අනුමාන කරන්නේ. ESPNcricinfo වෙබ් අඩවිය මඟින් මෙම කණ්ඩායම නම් කර ඇත්තේ WORLD TEST XI FOR FUTURE ලෙසයි.
මෙම තරුණ ක්‍රීඩකයින් 11 අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑතකදී ටෙස්ට් වරම් දිනාගත් පැතුම් නිස්සංකගේ නම ඇතුළත් වී තිබේම විශේෂත්වයකි. ඒ පැතුම් නිස්සංක නම ඇතුළත් කර ඇත්තේ ජාත්‍යන්තර පිටියේ හා පලමු පෙළ තරඟවලදී දක්වා ඇති දක්ශතා හේතුවෙනි.
නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවතී ටෙස්ට් තරඟාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් පැතුම් නිස්සංක පලමු තරඟයේදීම ශතකයක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ මෙම ශතකය හේතුවෙන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් මව් බිමෙන් පිටතදී මංගල ටෙස්ට් තරඟයේදී ශතකයක් ලබාගත් පලමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වීමට පැතුම් නිස්සංක සමත් විය.

මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කර ඇති පැතුම් නිස්සංක ටෙස්ට් ඉනිම් 6කදී ලකුණු 229ක් ලබාගෙන ඇති අතර ශතකයක් හා අර්ධ ශතකයකට හිමිකම් කියයි. ඔහු විසින් මේ වන විට පවත්වා ගෙන යන පිතිකරණ සාමාන්‍ය 38.16ක්.
ඊට අමතරව මෙම වෙබ් අඩවිය මඟින් නම් කළ කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයින් තුන්දෙනෙකුද, පකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙකුද, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ යන රටවල් නියෝජනය කරමින් එක් ක්‍රීඩකයකු බැඟින් ඇතුළත් වී තිබෙනවා.
ESPNcricinfo නම් කළ කණ්ඩායම.
Subman Gill (ඉන්දියාව)
Will Pucovski (ඕස්ට්‍රේලියාව)
Zak Crawley (එංගලන්තය)
Pathum Nissanka (ශ්‍රී ලංකාව)
Washington Sundar (ඉන්දියාව)
Rishab Pant (ඉන්දියාව)
Sam Curran (එංගලන්තය)
Rashid Khan (ඇෆ්ගනිස්ථානය)
Blessing Muzarabani (සිම්බාබ්වේ)
Shaheen Afridi (පාකිස්තානය)
Nassem Shah (පාකිස්තානය)
මෙය ප්‍රකාශයට පත්කරමින් ESPNcricinfo වෙබ් අඩවිය සිය නිල Twitter ගිණුමේ තබා තිබූ සටහන පහතින්.
Who would be the first three names on your team sheet for the World Test XI of 2031? ?
Our XI: Three ??, two ??, two ???????, one ??, one ??, one ??, one ?? – https://t.co/qHLFb6n8ZQ#DreamTeam pic.twitter.com/cVy961g2hN
— ESPNcricinfo (@ESPNcricinfo) June 2, 2021