ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය වෙනස් වෙයි. සම්පූර්ණ ක්‍රීඩකයින් ගණන 23යි.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය තරඟාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද දින (2021/10/01) වෙනස්කම් කිහිපයක් සිදුවී තිබෙනවා.
දකුණු අප්‍රිකාව අතර පැවතී විස්සයි විස්ස තරඟාවලිය අතරතුරේදී, ලෝක කුසලානය සංචිතයේ සිටි ළහිරු මධුසංක ආභාධයකට ලක් වීම හේතුවෙන්, ඔහුට මෙවර ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ඇති අතර, ඔහු වෙනුවට කඩුලු රකින ක්‍රීඩක මිනෝද් බානුක යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.
මේ අතර, කොවිඩ් රෝගය වැළදීමෙන් අනතුරුව යළි කණ්ඩායමට එකතු වූ කුසල් ජනිත් පෙරේරාගේ සහභාගිත්වය ද අවිනිශ්චිත බැවින් හා ක්‍රීඩකයින්ගේ ආබාධ තත්වයන් ගැන සළකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මඟින් තවත් ක්‍රීඩකයින් හතර දෙනෙකු ද සමඟින් ලෝක කුසලානය සඳහා එකතුකරගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස ලක්ශාන් සඳකැන් ඇතුළු ක්රීසකයින් පස් දෙනෙක් ක්‍රිකට් ආයතනය විසින් නිළ වශයෙන් නම් කළ ඇති අතර, ඔවුන් සියලු දෙනාවද මීට පෙර නම් කළ ශ්‍රී ලංකා සංචිතය සමඟින් ඕමානය හා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා එක්සත් අරාබී එමීර් රාජ්‍යයට යාමට තීරණය කර තිබෙනවා. (අලුතින් එකතු වුණ ක්‍රීඩකයින් හා සියලුම ක්‍රීඩකයින් පහලින් සඳහන් කර ඇත)
ඒ අනුව මෙවර ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩකයින් සියල්ල පහළින්.
01) දසුන් ශානක – නායක
02) කුසල් පෙරේරා
03) අවිශ්ක ප්‍රනාන්දු
04) බානුක රාජපක්ෂ
05) දනන්ජය ද සිල්වා
06) චරිත් අසලංක
07) වනිඳු හසරංග
08) චාමික කරුණාරත්න
09) දුශ්මන්ත චමීර
10) ප්‍රවීන් ජයවික්‍රම
11) දිනේශ් චන්දිමාල්
12) කමිඳු මෙන්ඩිස්
13) මහීශ් තීක්ශණ
14) නුවන් ප්‍රදීප්
15) මිනෝද් බානුක
අතිරේක ක්‍රීඩකයින් හතර දෙනා මෙන්න
1) ලහිරු කුමාර
2) බිනුර ප්‍රනාන්දු
3) අකිල ධනංජය
4) පුලින තරංග
ඊට අමතරව රැගෙන යන ක්‍රීඩකයින් හතරදෙනා.
1) අශේන් බණ්ඩාර
2) පැතුම් නිස්සංක
3) ලක්ශාන් සඳකැන්
4) රමේශ් මෙන්ඩිස්