ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය වෙනස් වෙයි. මිනෝද් බානුක ලෝක කුසලාන සංචිතයට…?

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග 3-0 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතය සඳහා නම් කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් ආබාධ තත්වයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ගැටලුවලට මුහුණ පෑමට සිදු වී ඇත.

කඩුලු රකින පිතිකරු කුසල් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව අඟහරුවාදා පැවති 3 වන T20 තරඟයේදී පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක් වූ අතර එම තරගයේදීම පන්දු යැවීමේදී තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංකද ආබාධයකට ලක් විය.

කුසල් ජනිත් පෙරේරා බදාදා එම්ආර්අයි ස්කෑන් පරීක්‍ෂණයකට භාජනය කර ඇති අතර එමඟින් යෝජනා වී ඇත්තේ ලබන මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී විස්සයි 20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට තවමත් ඔහුට හැකියාවක් ඇති බවයි.

කෙසේ නමුත්, ලෝක කුසලානය සඳහා කුසල් පෙරේරාගේ සහභාගිත්වය අවිනිශ්චිතව පවතින හෙයින්, වැඩිදුර නිරීක්‍ෂණයෙන් හා පරීක්‍ෂණයෙන් පසු ඔහුගේ සහභාගිත්වය ගැන වෛද්‍ය කණ්ඩායමට පැහැදිලි අදහසක් ලබා ගත හැකි බවත් එය සැප්තැම්බර් 23 වන විට සිදු විය යුතු බවත් කණ්ඩායම් වෛද්‍ය වෛද්‍ය දමින්ද අත්තනායක ESPN ක්‍රික්ඉන්ෆෝ වෙත පැවසීය.

ලෝක කුසලානය සඳහා නිවේදනය කළ අවසන් කණ්ඩායම ශ්‍රී ලංකාව වන අතර ඔක්තෝම්බර් 10 වනදා දක්වා කණ්ඩායමේ යම් වෙනසක් සිදු කිරීමට හැකියාව පවතී.

ලෝක කුසලාන සංචිතයයේ සිටි ආබාධයකට ලක් වූ ළහිරු මධුශංක අවාසනාවන්ත ලෙස තරඟාවලියෙන් ඉවත් වීමට නියමිතව ඇත්තේ ඔහුගේ ආබාධයට අවම වශයෙන් සති 6-8 ක්වත් විවේක කාලයක් අවශ්‍ය වන බැවිනි.

ආරංචි මාර්ග වලට අනුව කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක, ළහිරු මධුසංක වෙනුවට ආදේශකයෙකු ලෙස එක්වීමට නියමිත අතර එය කඩුලු රකින කුසල් පෙරේරා වෙනුවට කණ්ඩායමට පැමිණීමට ඇති හොඳම ආදශකයද වේ. මිනෝද් භානුක එකතු කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නෙකුද හිමිවේ.

දකුණු අප්‍රිකාව අතර තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජෛව ආරක්‍ෂිත පරිසරයෙන් ඉවත් වූ අතර දින 10-12 ක විවේකයක් ලබා ගැනීමෙන් අනතුරුව ඕමානයේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලියට පෙර සැප්තැම්බර් අවසාන සතියේදී නැවතත් ජෛව ආරක්ෂික බුබුලකට එක්වීමට නියමිතයි. ඔක්තෝබර් 7 සහ 9 දෙදින තුළ ඕමානයේදී ශ්‍රී ලංකාව තරඟ දෙකක් ක්‍රීඩා කරන අතර, 12 සහ 14 දෙදින නිල ලෝක කුසලාන උණුසුම් තරඟ දෙකක් ද පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *