ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ගේ සේවා කාලය අවසන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ, හිටපු සුපිරි ක්‍රීඩක චමින්ද වාස්ගේ සේවා කාලය අවසන් වීමට ආසන්න වී තිබෙනවා.

 

 

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ David Saker වෙනුවට 2021 පෙබරවාරි 19 වන දින චමින්ද වාස් පුහුණුකරුගේ කාර්යයට පත්වූ නමුත්, ඔහුගේ වැටුප සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් පෙබරවාරි 21 වන දින සේවයෙන් ඉල්ලා අස්විය.

 

 

කෙසේ නමුත්, නැවතත් එම ගැටලු නිරාකරණය කරගැනීමෙන් අනතරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් මාස 6ක කාලයකට වේගපන්දු පුහුණුකරු ලෙස ගිවිසුම්ගත වූ චමින්ද වාස්ගේ සේවා කාලය මේ වන විට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියෙන් නිමාවට අවසන් වේ.

 

 

මේ කාලය අතර අතරතුරේදී දුශ්මන්ත චමීර ඇතුළු ශ්‍රී ලංකා වේගපන්දු යවනන් හට පුහුණුකාරීත්වය සිදුකරමින් හොඳ වේගපන්දු යවන්නන් බිහිකිරීමට සමත් වූ නමුත්, චමින්ද වාස්ගේ සේවා කාලයේ දිගු නොකිරීමට තීරණය කර තිබෙනවා.

 

 

ඒ අනුව අද අවසන් වන ටෙස්ට් තරඟයෙන් අනතුරුව චමින්ද වාස් ද ශ්‍රී ලංකා පුහුණුකාරධූරත්වයෙන් ඉවත්වන අතර, මේ වන විට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මිකී ආතර් ද එම ධූරයෙන් ඉවත්වීමට නියමිතයි.

 

 

මේ අතර පන්දු ‍රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික ෂේන් මැක්ඩර්මඩ් ගේ ද සේවා කාලය අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

දනන්ජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්ව පසුකර යයි. සම්පූර්ණ විස්තරය මෙතනින්. (Click)

කලම්බෝ ස්ටාර්ස් (Colombo Stars) කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තෝරාගෙන අවසන්. සංචිතය මෙන්න. (Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *