ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවන් තිදෙනාට දීර්ඝ තරඟ තහනමක්.

එංගලන්ත සංචාරය අතරතුරේදී ආරක්ෂික ජෛව බුබුලකට උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේදී වීදි සංචාරයේ යෙදුනු ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්, දනුශ්ක ගුණතිලක හා නිරෝශන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා තරඟාවලිය අතරතුරේදී යළි ශ්‍රී ලංකාවට කැඳවා නිරෝධායනය සඳහා යොමු කර අතර මේ වන විට ඔවුන්ගේ වරදට දඬුවම නියෝග කර තිබෙනවා.

මීට පෙර ද දනුශ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් විනය විරෝධී ලෙස හැසිරී ඇති බැවින් මෙම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා හට වසර 2ක් (මාස 24) තරඟ තහනමකට නිර්දේශ කර ඇති අතර, ඇමරිකානු ඩොලර් 25,000ක දඩයක් නියම කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

 (Photo by Julian Finney/Getty Images)

එම ක්‍රීඩකයින් දෙදෙනාට අමතර නිරෝශන් දික්වැල්ල හට වසර දෙකක කාලය අඩු කර වසර එකාහමාරක් (මාස 18) ක් තරඟ තහනමක් හා ඔහුටද ඇමරිකානු ඩොලර් 25,000ක දඬයක් නියම කර තිබෙනවා.

එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පත් කරන ලද පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ජුනි 27 වන දින මෙම ක්‍රීඩකයින් තිදෙනා වීදි සංචාරයේ යෙදෙමින් සිටින අතරතුර එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රීඩට් ප්‍රේක්ෂකයෙක් විසින් වීඩියෝ පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමෙන් අනතරුව බොහෝ ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම විවේචනය කළ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මඟින් ඔවුන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *