ශ්‍රී ලංකා සුපිරි පිතිකරු දිනේශ් චන්දිමාල්ගෙන් වේගවත් ඉනිමක්.
මේ වන විට පැවැත්වෙන් ආමි කමාන්ඩර්ස් ලීග් තරඟාවලියේ අද පැවතී වෙස්ටර්න් වොරියර්ස් හා සදර්න් වොරියර්ස් කණ්ඩායම් දෙක අතර තරඟය වර්ෂාව හේතුවන් අතරමඟ නවතා දැමීමට සිදුවිය.
වර්ෂාව හේතුවෙන් ඉනිමක් පන්දුවාර 9කට සීමා වු තරඟයේ කාසියේ වාසිය දිනා සදර්න් වොරියර්ස් කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් පලමුව පන්දුවට පහර දීමට වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 9 අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 93ක් ලබාගැනීමට සමත් විය.
වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිම් දෙකක් ක්‍රීඩා කර ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන උපුල් තරංග පන්දු 26කදී හතරේ පහර 03ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබාගත් අතර ඩිල්ශාන් මුණවීර පන්දු 26කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබාගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සදර්න් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 2.5 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 46ක් ලබාගෙන සිටියදී නැවතත් වර්ෂාව හේතුවෙන් තරඟය නතර කිරීමට සිදු වූ අතර තරඟය තීරණයක් නොමැතිව අවසන් විය.
සදර්න් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු නායක දිනේශ් චන්දිමාල් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අතර පන්දු 12කදී හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා ගැනීමට සමත් විය. ඔහු තරඟයේ දෙවන පන්දුවාරයේදී හයේ පහර 4ක් හා එක් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් විය.

නව තේරීම් කමිටුව විසින් ඡේෂ්ඨ ක්‍රීඩකයින් හට අවස්ථාව නොදී තරුණ ක්‍රීඩකයින් සමඟින් තරඟ කිරීමට තීරණය හේතුවෙන් පසු ගිය දිනවල දිනේශ් චන්දිමාල් ඔහුගේ ක්‍රිකට් දිවියේ අනාගතය හා ඉදිරි තරඟ සදහා සහභාගී වීම ගැන තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කළ අතර එම සාමාජිකයින් විසින් චන්දිමාල් හට නැවත කණ්ඩායම සමඟ එක්වීමටනම් දේශීය තරඟාවලි වලදී හොඳින් දස්කම් දක්වන ලෙස පවසා තිබුණි.
මෙම තරඟයේදී මෙන්ම පෙර තරඟයේදී වේගවත් ඉනිනම් ක්‍රීඩා කිරීම හේතුවෙන් දිනේශ් චන්දිමාල් හට නැවත ජාතික කණ්ඩායමට එක් වීමට අවස්ථාවක් පවතී.
