ශ්‍රී ලංකා සුපිරි පිතිකරු නිරෝශන් දික්වැල්ල ලෝකෙන්ම අංක එකට.

ටෙස්ට් පිටියේ ගෙවුනු වසර තුනේදී අංක 7 පිතිකරුවෙක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇති ක්‍රීඩකයින් අතර පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා නිත්‍ය කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල සමත් වුණා.

නිරෝශන් දික්වැල්ල අද දින පලමු ස්ථානයට පත් වූයේ, මෙතෙක් පළමු ස්ථානයේ රැඳී සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ටිම් පේන් දෙවෙනි ස්ථානය දක්වා පහළ දමමින් ය.

බංගලාදේශය කණ්ඩායමට එරෙහිව දෙවෙනි ටෙස්ට් තරඟයේ නිරෝශන් දික්වැල්ල නොදැවී ලකුණු 77ක් ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටි අතර අද ඔහු විසින් ලබාගත්තේ ඔහුගේ 18 වන අර්ධ ශතකයයි.

නිරෝශන් දික්වැල්ල තරඟ 45කදී ඉනිම් 79ක් ක්‍රීඩා කරමින් මේ වන විට ලකුණු 2419ක් ලබාගැනීමට සමත් වී ඇති අතර ඔහු විසින් 32.68 ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වී තිබෙනවා.

අවසන් වසර තුනේදී අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙමින් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයින් පස්දෙනා.

1. නිරෝශන් දික්වැල්ල
ඉනිම් 29කදී ලකුණු 911*ක් ලබාගෙන සිටී. ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 34.53 කි.

2. ටිම් පේන්
ඉනිම් 32කදී ලකුණු 837ක් ලබාගෙන සිටී. ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 31.00 කි.

3. ජෝස් බට්ලර්
ඉනිම් 24කදී ලකුණු 672ක් ලබාගෙන සිටී. ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 29.21 කි.

4. රිශාබ් පාන්ට්
ඉනිම් 17කදී ලකුණු 625ක් ලබාගෙන සිටී. ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 39.06 කි.

5. ඩි කොක්
ඉනිම් 10කදී ලකුණු 530ක් ලබාගෙන සිටී. ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 53.00කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *