ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක උපුල් තරංග, ඩිල්ශාන් නායකත්වය දරන Mulgrave ක්‍රිකට් සමාජයට.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ECA Kookaburra T20 Cup තරඟාවලිය සඳහා Mulgrave ක්‍රිකට් සමාජයේ පලමු XI නායකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ගිවුසුම් ගත් වුණා.

වසර ගණනාවක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තිලකරත්න ඩිල්ශාන් සමඟ ඉනිම ආරම්භ කළ අනෙක් පිතිකරවා වූ සුපිරි ක්‍රීඩක උපුල් තරංග ද එම ක්‍රිකට් සමාජය සමඟ අද දින ගිවිසුම් ගත් වී ඇති බවට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ලිපියක් පළ කරමින් දන්වා සිටියා.

තිලකරත්න ඩිල්ශාන් Mulgrave ක්‍රිකට් සමාජය හා එක් වූ පසු ඔහු විසින් තැබූ ෆේස්බුක් සටහන.
” MULGRAVE ක්‍රිකට් සමාජය සඳහා පලමු XI නායකයා ලෙස මම කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට ලැබීම සතුටට කරුණකි. එළඹෙන සමයේදි ක්‍රිකට් සමාජයට නායකත්වය දීමට හා ළමයින් සමඟ ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙමි”

ඒ අනුව ඉදිරියේදී ආරම්භ වීමට නියමිත තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයින් හට නැවත වරක් උපුල් තරංග – TM ඩිල්ශාන් ආරම්භක සුසංයෝගය දැක ගැනීමට හැකි වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *