ශ්‍රී ලංකා හිටපු සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානගෙන් විශිෂ්ට පන්දු යැවීමක්.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 4 වන තරඟය ලෙස Barbados Royals හා Trinbage Knight Riders යන කණ්ඩායම් දෙක අතර ඊයේ (27) පැවැතී තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Trinbage Knight Riders කණ්ඩායම සමත් විය.


ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයින් වන තිසර පෙරේරා හා ඉසුරු උදාන යන දෙදෙනාම ක්‍රීඩා කළ මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් Barbados Royals කණ්ඩායම පලමු පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන්ට පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 122ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අසාම් ඛාන් පන්දු 20කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් විය. Barbados Royals කණ්ඩායමේ ක්‍රීඩක තිසර පෙරේරා හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 6ක් පමණි.


පන්දු යැවීමේදී Trinbage Knight Riders කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ අතර ඔහු විසින් පන්දුවාර 4කදී ලකුණු 21ක් පමණක් ලබා දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. මෙය ඉසුරු උදානගේ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පලමු කඩුලු පහේ අවස්ථාවයි. මෙවර Barbados කණ්ඩායමේ තිසර පෙරේරාගේ කඩුල්ල ද දවාගැනීමට සමත් වූයේ ඉසුරු උදාන විසිනි. ඊට අමතරව Ravi Rampaul කඩුලු 2ක් හා Akeal Hosein හා Sunil Narine එක් කඩුල්ල බැඟින් ලබා ගැනීමට සමත් විය.


පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Trinbage Knight Riders කණ්ඩායම පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 125ක් ලබාගැනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඉනිමේ ලකුණු ලාභියා වූ නායක Kieron Pollard පන්දු 30කදී හතරේ පහර 3ක් හා හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව Denesh Ramdin නොදැවී ලකුණු 29ක් හා Tim Seifert ලකුණු 15ක් ද ලබා ගැනීමට සමත් විය.


පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් පන්දුවාර 4කදී ලකුණු 21ක් පමණක් ලබා දී කඩුලු 3ක් ලබාගත් අතර Oshane Thomas එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව Trinbage Knight Riders කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්ථා කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට දිනාගනු ලැබූයේ Trinbage Knight Riders කණ්ඩායම වෙනුවෙන් කඩුලු 5ක් දවාගත් ඉසුරු උදානයි..

Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *