සනත් ජයසූරිය මහතා විසින් භානුක රාජපක්ෂට උපදෙසක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා භානුක රාජපක්ෂගේ සමුගැනීම සම්බන්ධයෙන්, අද දෙරණ නාළිකාවේ වැඩහටහනට එක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා හා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා, මෙම නව ෆිට්නස් පරීක්ෂණ හා, භානුකගේ ඉවත්වීම ගැන අදහස් දක්වා තිබුණා.
එහිදී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ, ප්‍රේක්ෂකයන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වැරදියට වටහාගෙන ඇති බවත්, කිලෝමීටර් 2 දුර, විනාඩි 8යි තප්පර 10ක් ඇතුළත දිවීමට නොහැකි වුවහොත් ඔහුව කණ්ඩායමෙන් ඉවත් නොකරන බවයි.
ඉස්සර ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂණ කිරීමට YO-YO ටෙස්ට් කියලා එකක් තිබුණා. නමුත් දැන් ඒක වෙනුවට ලෝකයේම ක්‍රිකට් වලට දැන් තියන කිලෝමීටර් 2 දුර දුවන පරීක්ෂණය ඇවිල්ලා තියනවා. 2KM දුවන්න පුලුවන් කියන්නේ කකුලේ ආබාධයක් තියෙන්න විදිහක් නැහැ. මේ පරීක්ෂණ ෆිට්නස් එකටත් හොඳ පරීක්ෂණයක්. SkinFold එකෙන් බලන්නේ ශරීරයේ තියන මේද ප්‍රමාණය බලන එක.
තවමත් අපේ කිලෝමීටර් 2 දුවන්න තියන කාලය විනාඩි 8යි තප්පර 35 යි. අපේ වාර්ෂික කොන්ත්‍රාත්තුවට ෆිට්නස් කියන එක බලපානවා. අපි මේ අවුරුද්දේ කරලා තියෙන්නේ, විනාඩි 8යි තප්පර 10ට ක්‍රීඩකයෙකුට දුවන්න බැරි වුනොත් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරන්නෙ නැහැ. ඔහුට කොන්ත්‍රාත්තු වල ඉහළම මට්ටම යන්න යන්න බැහැ.
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම පරීක්ෂණ ඔවුන් ක්‍රීඩාකරන කාලයේදීත් පැවතී බවත්, එය අනිවාර්යයෙන්ම කළ යුතු බවත්ය.
අපි ක්‍රීඩා කරන කාලයේදීත් මේ පරීක්ශන තිබුණා. නමුත් ඒවා, කවුරුත් දන්නෙ නැහැ. එක එක්කෙනාගේ ඇඟවල් අනුව මේක වෙනස් වෙන්න පුලුවන්. මම ක්‍රීඩා කරන කාලයේ මගේ SkinFold තිබුණේ හතළිස් ගනන්. අපිට කියලා තිබුණේ 55න් 60න් අඩුවෙන් තියාගන්න කියලා. නමුත් දැන් කියන්නේ 70න් අඩුවෙන් තියාගන්න කියලා. මේ ක්‍රිකට් දැන් වෘත්තිය මට්ටමට ඇවිල්ලා තියන නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.
වැඩහටහන අතරතුරේදී සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කළ තවත් අදහස් කිහිපයක්,
ලඟදී ඕමානයේර්හී ලෙජන්ඩ්ස් තරගාවලිය තියෙනවා. මම හිතුව ට්‍රේන් කරන්න ඕන ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. මොකද ඒවගේ තැනකට ගියාම එතන තරගය ගොඩක් ලොකුයි. මොකද අර පරණ ක්‍රිකටර්ස් ලා වුණත් ගියපාර, අපට එතැනට ගියාම තමයි තේරුණේ, මේ තරම් තරගයක් තියෙනවා ද කියලා. මේ පාරත් එහෙමයි. ඒ හින්දා මම කිව්වා තව පොඩ්ඩක් ට්‍රේන් කරලා ෆිට් එකේ යන්න ඕන, අපට ගොඩක් අමාරු වෙන්නේ කකුල්වල. මගේ දණහිසෙන් බාගයක් දාලා තියෙන්නේ. හැබැයි ඉතින් එතනට ගියාම ඒවා මතක් වෙන්නේ නෑ.
අපට ඕනකම තියෙනවා, මට වුවමනාවක් තියෙනවා මේක කරන්න ඕන කියල. අර ඒකයි මම හැමතිස්සෙම කියන්නේ තමන්ට වුවමනාව තියෙන්න ඕන, අවශ්‍යතාව තියෙන්න ඕන. තමන් රටට ආදරයෙන් මම මේක කරනවා, දැන් ආදරේ හින්දනේ භානුකට කියන්නේ “යන්න එපා කියලා.” අන්න ඒක තමයි මම ආස දකින්න.”
“කිසිම ක්‍රීඩකයෙකුට හැමදෙයක්ම පිඟානක තියලා අතට දීල නෑ. මේ ක්‍රීඩාවේ ක්‍රීඩා කරනකොට දුක කියන එකට, මානසිකව වැටෙන දේවල්වලට සමහරක් දේවල් අපිට ලැබෙන්නේ නැති දේවල් ගොඩාක් වැඩියි. ඒකත් එක්ක තමයි තමන්ගේ ඔළුව හදාගෙන ගහන්න ඕන.
මම දවස අවසානයේ හිතන්නේ මම මොනවා කරත් මම මේක අතහැරලා යන්නේ නෑ, මම ගහනවා මගේ රට වෙනුවෙන් මම කාලයක් සෙල්ලම් කරොත් හොඳට මගේ ඉන්න ප්‍රේක්ෂකයෝ මගේ ඉන්න රටේ ජනතාව. මාව ආදරයෙන් වැළඳ ගනීවී. මම කොහේ ගියත් අන්න ඒක හිතනවා.
මේ ක්‍රීඩකයන්ට ගොඩක් කෙණෙහිලිකම් වෙලා ඇති. අසාධාරණකම් වෙලා ඇති, තමන්ට දුක හිතෙන දේවල් වෙලා ඇති, තමන්ට ක්‍රීඩාව එපා වෙන දේවල් වෙලා ඇති. අවුරුදු 10 ක් 15ක් ගහනකොට එහෙම වෙනවා. හැබැයි ඒ හැමදෙයක්ම තමන්ගේ එක අත්දැකීමක් කියල හිතලා තමන් යන්න ඕනේ තමන්ගේ ගෝල් එකට. ලකුණු 10,000 ද ? එක්දින කඩුලු කීයද. ? ටෙස්ට් කඩුලු කීයද ? තමන්ට ඒක කරන්න ඕන ද. ? තමන්ට රට වෙනුවෙන් කොච්චර තරග ජයග්‍රහණය කරලා දෙන්න පුළුවන්ද අන්න ඒවා තමයි හිතන්න ඕන.”
“ලෝකේ ඉන්න අනිත් රටවල් දන්නවා මේ ප්ලේයර් මැච් විනින් ප්ලේයර් කෙනෙක් කියලා. එතැනට යන්න ගොඩක් අමාරුයි. හරි ඉක්මනට අපිට කඩාගෙන වැටෙන්න පුළුවන්. හපෝ වැඩක් නෑ මම අරහේ යන්න පුළුවන් මට මේ රටට යන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි වැඩේ. අමාරුයි හැබැයි ඒ අමාරුකම් එක්ක අපි යන්න ඕන. අපේ රටවල්වල හැම දෙයක්ම ලේසියෙන් හම්බවෙන්නේ නෑ. ගොඩාක් අමාරුවෙන් තමයි දේවල් හම්බවෙන්නේ. අපි මාතර ඉඳල කොළඹ ඇවිල්ලා ඉන්න තැනක්වත් නැතුව තමයි අපි ක්‍රිකට් ගැහුවේ. හැබැයි දැන් එහෙම නෙවෙයි. තමන් හිතුවොත් තමන් රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියල එච්චරයි. ”
“අවුරුදු 20ක් රිටයර් වෙලත් පාරේ දැක්කොත් ඒ ප්‍රේක්ෂකයෝ ඒ විදියටම සලකනවා. අන්න ඒක තමයි තියෙන්න ඕන. මොකද ඒ අපි රට වෙනුවෙන් කරපු දේට. මොන ප්‍රශ්න තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් දාලා යන්න එපා. ගහන්න ලංකාවට ක්‍රිකට්. ලංකාවට ක්‍රිකට් ගැහුවොත් කවදාවත් වරදින්නේ නෑ.”