සනත් ජයසූරිය විසින් ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට සුදුසු ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පලමු තරඟය අද නැමීබියාව සමඟින් පැවැත්වීමට නියමිත අද “Chilling With Russell” YouTube සංවාදාත්මක වැඩසටහනෙහි මෙවර ලෝක කුසලානය සඳහා පැවැත්වුණු විශේෂ වැඩසටහනකට එක් වූ සනත් ජයසූරිය හා රසල් ආනල්ඩ් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයින් පිළිඹදව සාකච්ඡාවකට ලක්වුණා.

 

 

මෙහිදී සනත් ජයසූරිය විසින් පැවසූවේ නැම්බියාව වැනි අත්දැකීම් අඩු ක්‍රීඩකයින් සිටින නිසා ඔවුන්ට එරෙහිව ඉතා වේගයෙන් පන්දු යවන පන්දුයවන්නන්ගෙන් ක්‍රීඩා කළ යුතු බවයි.

 

“අපි වැඩිය මේ කණ්ඩායම් ගැන දන්නේ නැහැ. ඒ නිසා අපි හැමවෙලාවෙම හොඳින් බෝල් කරලා එයාලගේ ලකුණු නවත්වන්න ඕනේ. එතකොට තමයි ඔවුන්ට ප්‍රෙශර් එකක් දාලා විකට් ගන්න පුලුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙන්නෙක් සෙල්ලම් කරන්න අවශ්‍යයි. අපේ 140Km/h ට වඩා වේගයෙන් යවන පන්දු යවන්නන් දෙන්නා වන ලහිරු කුමාර හා දුශ්මන්ත චමීර සෙල්ලම් කරන්න ඕනේ. මොකද, නැමීබියාව වගේ ක්‍රීඩකයින්ට ඒ වගේ වේගපන්දු වලට මුහුණ දෙන්න අමාරු වෙන්න පුලුවන්.”

 

 

“ඊට අමතරව අපිට චාමික කරුණාරත්න ඉන්නවා. දසුන් ශානක ඉන්නවා ඒ හැමෝම එක්ක වනිඳු හසරංග , මහීශ් තීක්ශණ ඉන්නවා. ඊට පස්සේ අපේ හොඳ පිතිකරුවන් ඉන්නවා. ඒ විදියට සෙල්ලම් කරාම අපි ගැම්මෙන් සෙල්ලම් කරන්න පුලුවන්. මොකද අපි හැමපැත්තක්ම කවර් කරලා ඉන්න නිසා.”

 

 

නමුත් මේ පිළිඹඳව රසල් ආනල්ඩ් විසින් පැවසූවේ මෙවන් අදහසක්,

 

“අපේ බැට්ස්මන්ලා 5ත් එක්කම, දසුන් ශානක අංක 6, වනිඳු හසරංග අංක 7 , චාමික කරුණාරත්න අංක 8 ඉන්න එකේ අපේ කණ්ඩායමේ බැලන්ස් එක හොඳටම සෙට් වෙනවා. එතකොට අංක 9, 10, 11 අපිට හොඳ බෝලර්ස් තුන්දෙනෙක් සෙල්ලම් කරන්න පුලුවන්. මම සනත් අයියා කියපු දෙයට එකඟයි, නමුත් අයර්ලන්තය නෙදර්ලන්තය අතර තරඟය තියන පිච් එකේමයි අද ලංකාවේ මැච් එකත් තියෙන්නේ. ඒ මැච් එකේ වෙන දේ බලලා ලහිරු කුමාර සෙල්ලම් කරනවද නැත්නම් අකිල ධනංජය සෙල්ලම් කරනවද කියලා මම තීරණය කරනවා.”

 

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කර යුතු පිතිකරුවන් සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කලේ මෙවන් අදහසක්

 

“මිකී ආතර් කියලා තියනවා අංක තුන ස්ථානයට ක්‍රීඩකයෙක් තීරණය කරලා ඉන්නවා කියලා. මම හිතනවා ලොකු surprise එකක් කරන්න ඉන්නවා කියලා. අපේ අංක 8 වෙනකන් හොඳින් පන්දුවට පහර දෙන්න ක්‍රීඩකයින් ඉන්න නිසා වනිඳුට කියන්න පුලුවන් අංක තුන ස්ථානයට ගිහින් වේගයෙන් ලකුණු ටිකක් කණ්ඩායමට අරගෙන දෙන්න කියලා. බෝල් 10කින් ලකුණු 25ක් 30ක් විතර ගහලා දුන්නොත් ඒක කණ්ඩායමට අමතර වාසියක්. ඒ නිසා අද ඒ වගේ වෙනසක් වෙන්න ඉඩ තියනවා.”

 

 

“සමහර වෙලාවට දිනේශ් චන්දිමාල්ව ක්‍රීඩා කරවන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්. අපි නිකන් නමට ක්‍රීඩකයෙක්ව සෙල්ලම් කරවන්න ඕනෙ නැහැනේ. අපි ඒ ඒ සිටුවේශන් එකේ විදියට සෙල්ලම් කරවන්නේ කවුද කියලා බලන්න ඕනේ.”

 

 

ඒ අනුව සනත් ජයසූරියගේ කණ්ඩායම (පහළින් සදහන් කර ඇත)

කුසල් ජනිත් පෙරේරා

 

 

පැතුම් නිස්සංක

 

 

බානුක රාජපක්ෂ

 

 

අවිශ්ක ප්‍රනාන්දු

 

 

චරිත් අසලංක

 

 

දසුන් ශානක

 

 

වනිඳු හසරංග

 

 

චාමික කරුණාරත්න

 

 

දුශ්මන්ත චමීර

 

 

මහීශ් තීක්ශණ

 

 

ලහිරු කුමාර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *