සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව වනිඳු හසරංගගෙන් විශිෂ්ට පන්දු යැවීමක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 54 වන තරඟය ලෙස පැවතී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 67ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලන්ජර්ස් නායක ෆෆ් ඩු ප්ලෙසිස් පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192ක් ලබාගැනීමට සමත්විය.

රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නාහක  ෆෆ් ඩු ප්ලෙසිස්ට පන්දු 50කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබාගැනීමට සනත්වුණා. මෙම අර්ධ ශතකය මෙවර තරඟාවලියේ ෆෆ් ඩු ප්ලෙසිස් විසින් වාර්තා කළ 3 වන අර්ධ ශතකයයි.

 

 

ඊට අමතරව Rajat Patidar පන්දු 3කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබාගත් අතර ග්ලේන් මැක්ස්වෙල් පන්දු 24 කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් හා ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිනේශ් කාර්තික් පන්දු 8කදී (4×1 , 6×4) නොදැවී ලකුණු 30 ක් ලබාගැනීමට සමත්විය.

 

 

බැංගලෝර් ඉනිමේ බිඳ වැටුනු කඩුලු 3 ලබාගැනීමට සමත්වූයේ Jagadeesha Suchith (4-0-30-2) හා Kartik Tyagi (4-0-42-1) විසිනි.

අනතුරුව ලකුණු 193ක දැවැන්ත ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 125ක් පමණයි.

සන්රයිසස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රාහුල් ත්‍රිපාති අර්ධ ශතකයක් ලබාහත් අතර ඔහු පන්දු 37කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ඒඩන් මාක්‍රම් පන්දු 27කදී හතරේ පහරක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 21 හා නිකලස් පූරන් පන්දු 14කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 19 ලබාගත් නමුත් අන් කිසිඳු පිතිකරුවෙකුට බැංගලෝර් පන්දු යවන්නන් ඉදිරියේ ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.

 

 

හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී එක් නිළකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 18ක් පමණක් ලබාදී කඩුලු 5 ක් බිඳ දැමීමට සමත්වුණා. ඊට අමතරව ජෝෂ් හේසල්වුඩ් ලකුණු 17කට කඩුලු 2ක් හා ග්ලෙන් මැක්ස්වෙල් , හර්ශාල් පටෙල් අතරේ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා.

 

 

ඒ අනුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 67කින් පරාජයට පත්කරමින් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටනයේ අංක 4 ස්ථානයේම රැඳීසිටින අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවාගත් වනිඳු හසරංග වේ.

වනිඳු හසරංග ලබාගත් කඩුලු 5 (වීඩියෝව) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *