සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් දිල්ලි කණ්ඩායම අංක 5 ස්ථානයට.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 50 වන තරඟය ලෙස පැවතී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම  හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 21 ක ජයක් ලබාගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමු පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර පන්දුවාර 20 අවසානයේදී කඩුල 3ක් පමණක් දැවී ලකුණු 207ක් ලබාගැනීමට සමත්වුණා.

දිල්ලි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඔහු පන්දු 58කදී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 92ක් ලබාගැනීමට සමත්විය. ගියවර තරඟාවලියේදී සන්රයිසස් කණ්ඩායමේ නායකයා ලෙස සිටි ඩේවිඩ් වෝනර් මෙවර එම කණ්ඩායමෙන් ඉවත් කරූ අතර අද දින සන්රයිසස් කණ්ඩායමටම එරෙහිව මෙම විශිෂ්ට ඉනිම දියත් කිරීමට ඩේවිඩ් වෝනර් සමත්වුණා.

 

 

ඊට අමතරව ඩේවිඩ් වෝනර් සමඟින් එක්ව හතරවන කඩුල්ලට ලකුණු 122ක නොබිඳිනු සබඳතාවයක් එක් කිරීමට සමත්වූ රොව්මන් පවෙල් පන්දු 35කදී හතරේ පහර 3ක් හා හයේ පහර 6ක් සමඟින් වේගැත් ලකුණු 67 ක් ලබාගත් අතර නයක රිශාබ් පාන්ට් පන්දු 16කදී ලකුණු 22ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

දිල්ලි ඉනිමේ බිඳවැටුන කඩුලු 3 ලබාගැනීමට සමත්වූයේ Bhuvneshwar Kumar (4-1-25-1), Sean Abbott (4-0-47-1) හා Shreyas Gopal (3-0-34-1) විසිනි.

අනතුරුව ලකුණු 208 දැවැන්ත  ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍සන්රයිසස් හයිද්‍රාබාද්  කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 186ක් පමණයි.

දිල්ලි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ Nicholas Pooran වේ. ඔහු පන්දු 23කට මුහුණදෙමින් හතරේ පහර 2ක් හා හයේ පහර 6ක් සමඟින් වේගවත් ලකුණු 62 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව ඒඩන් මාක්‍රම් පන්දු 25කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබාගත් අතර, රාහුල් ත්‍රිපාති පන්දු 18කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබාගැනීමට සමත්වුණා. නායක කේන් විලියම්සන් හට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 4ක් පමණයි.

 

 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව දිල්ලි ක්‍රීඩක Khaleel Ahmed පන්දුවාර 4 අවසානයේදී ලකුණු 30කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Shardul Thakur ලකුණු 44කට කඩුලු 2ක් හා Anrich Nortje , Michell Marsh , Kuldeep Yadav ද එක් කඩුල්ල බැඟින් බිඳ දැමීය.

 

 

ඒ අනුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත්කරමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 5 ස්ථානයට පැමිණීමට සමත්වූ අතර (SRH – No6) තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 92ක් ලබාගත් ඩේවිඩ් වෝනර් වේ.

ඩේවිඩ් වෝනර්ගේ විශිෂ්ට ඉනිම (වීඩියෝව)

 

 

මෙවර තරඟාවලියේ මෙතෙක් වාර්තා වූ වේගවත්ම පන්දුව = 157KMPH (වීඩියෝව)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *