සඳකැන්ගේ ඕවර් 10 යැවීමේ තීරණය සම්පූර්ණයෙන්ම නායකයාගේ තීරණයක් – චරිත් අසලංක

ශ්‍රී ලංකාවට තවත් එක්දින තරඟාවලි පරාජයක් උරුම කර දෙමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවතී දෙවන එක්දින තරඟයෙන් කඩුලු 3ක ජයක් වාර්ථා කිරීමට ඉන්දියා කණ්ඩායම සමත් විය.

(Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක පන්දු 68කදී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වු අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 71කදී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා. ඉනිමේ අවසන් බාගයේදී චාමික කරුණාරත්න පන්දු 33කදී වේගවත් ලකුණු 44ක් ලබාගැනීමට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.1කදී කඩුලු 7ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවට වාසි දායකව තිබූ මෙම තරඟය ඉන්දීය කණ්ඩායම වෙත හරවමින් ජයග්‍රහණය කිරීමට විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දීපාක් චහර් පන්දු 82කදී නොදැවී ලකුණු 69ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3ක් බිඳ දැමීමට සමත් වූ අතර, කසුන් රාජිත, දසුන් ශානක, ලක්ශාන් සඳකැන් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

තරඟයෙන් අනතුරුව චරිත් අසලංක මාධ්‍ය හමුවකට සහභාගි වූ අතර එහිදී ඔහු විසින් පැවසූවේ, ශ්‍රී ලංකාව පහුගිය කාලයේදී අඩුවෙන්ම ජයග්‍රහණ වාර්ථා කළ කණ්ඩායමක් නිසාවෙන්, ඔවුන් ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටින බවත්, මෙම තරඟය පරාජයට පත් වීම සම්බන්ධයෙන් සියලු දෙනාම කණගාටුවට පත්වනු. ඇති බවයි

“ඇත්‍තටම ගොඩාක් කණගාටු වෙනවා දිනන්නම තිබුණ මැච් එක පැරදුන එකට. වනිදු හසරංගට අනිත් බෝලස්ලා තව පොඩි සපෝර්ට් එකක් දුන්නනම් අනිවාර්යයෙන්ම තරඟය අපිට දිනන්න තිබුණා.

සඳකැන්ගේ ඕවර් 10ම යැවීමේ තීරණය නායකයාගේ තීරණයක්. සඳකැන් කියන්නේ පන්දු යවන්නෙක්. මම හිතන විදිහට ඒ නිසා වෙන්නැති සඳකැන්ට ඕවර් 10ම යවන්න දුන්නේ.

 (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

මේ දවස් ටිකේ රෑට පින්නක් තිබුණේ නැහැ. ඉතින් අපි තරඟ දෙකේදීම බැලුවේ මුලින් පන්දුවට පහර දීලා හොඳ ලකුණු ටිකක් ගහලා, ඉන්දියා කණ්ඩායමට අභියෝගයක් එල්ල කරන්න.

අපේ ඉන්නේ ගොඩාක් තරුණ ක්‍රීඩකයින්.  අපි පහුගිය කාලයේදිම ජයග්‍රහණය අඩුවෙන් ලබාගත් කණ්ඩායමක්. ඉතින් හැමෝම අපි ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ඉන්නේ. හැමෝම අන්තිම වෙනකන් උනන්දුවෙන් ක්‍රීඩා කළා. නමුත් අවාසනාවකට තරඟය අන්තිම පන්දුවාරයේදී පරාජයට පත් වෙන්න සිදු වුණා. ඒ ගැන හැමෝටම ගොඩාක් දුකයි.

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

නොම්බර 8,9 ස්ථානයේ ක්‍රීඩකයින් පන්දුවට පහර දෙන්න ඇවිල්ලා ඒ විදියට ගහනවා කියන්නේ අපි බෝලස්ලා විදිහට තව ඉගෙන ගන්න ඕනේ ඒ ඒ අවස්ථාවලදී පිතිකරුවන්ව පාලනය කරන්නේ කොහොමද කියලා.  තරඟයක් පැරදුනාට පස්සේ අපිට ගොඩාක් දේවල් හිතෙනවා. නමුත් ඒ වෙලාවේ ගන්න තීරණ අපි හැමෝම කතා වෙලා ගන්නේ. නමුත් පස්සේ හිතෙනවා වෙන විදිහකට කරානම් හරි කියලා. නමුත් එතකොට පරක්කු වැඩියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *