සමහරු කියනවා මාව විස්සයි විස්ස තරඟවලට ගැලපෙන්නෑ කියලා – දනංජය ද සිල්වා
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් ලබාගැනීමෙන් අනතරුව තරඟාවලිය තරඟ 1/1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වටිනා ඉනිමක් ක්‍රීඩා කරමින් දනංජය ද සිල්වා නොදැවී ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානයද ලබාගැනීමට සමත් වුණා.
තරඟයෙන් අනතරුව දනංජය ද සිල්වා මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතර, එහිදී තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
“ඇත්තටම ගොඩාක් සතුටුයි තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවීම. අපි මාස ගානක ඉදන් විස්සයි විස්ස ජයග්‍රහණයක් හෙව්වා. අපි හොඳ කණ්ඩායමයක් හෙව්වා. සෙල්ලම් කරන විදිහක් හෙව්වා. මට හිතෙනවා අපි ටිකෙන් ටික ඒ තැනට ඇවිල්ලා තියනවා කියලා.”

“මට කලින් තරඟයෙත් කියලා තිබුණේ ඕවර් 20 බැට් කරන්න කියලා. මට ඒක කලින් තරඟයේ කරන්න ලැබුනේ නැහැ. එක්දින වලත් මම උත්සහා කරා ඒත් හරියට කරගන්න ලැබුනේ නැහැ. අද ඒ දෙය කරලා තරඟය දිනවන්න පුලුවන් වුණ එකට මම හිතනවා අද මගේ දවස කියලා”
“සමහරු කියනවා මාව විස්සයි විස්ස තරඟ වලට ගැලපෙන්නේ නැහැ කියලා. ඒක හරිද වැරදිද කියලා මම දන්නෙ නැහැ. ඒක වගකීම තියෙන්නේ තේරීම් කමිටුවට. ඒගොල්ලෝ කිව්වොත් මට සෙල්ලම් කරන්න කියලා මට බැහැ කියන්න බෑ සෙල්ලම් කරන්න වෙනවා. මොකද මේක රට වෙනුවෙන් සෙල්ලම් කරන තරඟයක්. ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස කියලා නැහැ මට අවස්ථාවක් ලැබුනොත් උපරිමයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.”

“චාමික, වනිඳු, ඉසුරු උදාන, වගේම දුශ්මන්ත චමීරටත් හයේ එකක් ගහන්න පුලුවන් කියලා අපි දන්නවා. අපේ ප්ලෑන් එක තිබුණේ තරඟය අවසානය වෙනකන් ඇදගෙන යන්න. මට කලින්ම හිතුනා චාමික හරි වනිඳු හරි මාත් එක්ක තරඟය අවසන් කරයි කියලා. වාසනාවකට චාමික කරුණාරත්න හොඳින් තරඟය අවසන් කළා.”

“තරඟය ආරම්භයේ ඉදන්ම පිච් එක ස්ලෝව් වුණා. අපේ බලාපොරොත්තු වුණේ ලකුණු 125 – 230 ත් අතර ඉන්දියා ඉනිම අවසන් කරන්න. පන්දු යවන්නන් ඒක හොඳටම කරලා අපි බලාපොරොත්තු වුණ ගානටම ඉන්දීය කණ්ඩායම සීමා කිරීමට හැකි වුණා. අපි පන්දුවට පහර දෙන්න එන කොටම අපි දැනගෙන ආවා පිච් එක ස්ලෝව් වෙනවා කියලා. ඒ අවස්ථාවේදී එක ලකුණ ලබා ගන්න එකත් හරිම අමාරු වැඩක්. ඒ නිසා තරඟයේ මැඳ පන්දුවාර වලදී ලොකු පහරවල් වලට යන්නැතුව අවසානය වෙනකන් ඇදගෙන ගිහිල්ලා තරඟය ජයග්‍රහණය කිරීමට තමයි අපේ ප්ලෑන් එක තිබුණේ.”
“දැන් අපි තුන්වෙනි විස්සයි විස්ස තරඟයත් ප්ලෑන් එකක් එක්ක තමයි ආරම්භ කරන්නේ. අද මගේ දවස වගේ හෙට වෙන කෙනෙක්ගේ දවස වෙන්න පුලුවන්. එක ක්‍රීඩකයෙක්ගෙන් ලොකු ඉනිමක් ආවොත් තරඟයක් දිනන්න පුලුවන්. අපේ පන්දු යවන්නන් හොඳ මානසික තත්වයකින් ඉන්නේ. ඊලඟ තරඟයෙත් ඉන්දියා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට හැකි වුවහොත් අපිට හොඳ තරඟයක් දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා.”
