ස්ටීව් ස්මිත්, කුමාර සංගක්කාරගේ වාර්තාවක් බිඳ දමා ඉහළටම පැමිණෙයි.
ඕස්ට්‍රේලියාව හා පකිස්තානය අතර ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟය මේ වන විට පැවැත්වන අතර එහිදී ඕස්ට්‍රේලියා ක්‍රීඩක Steven Smith පලමු ඉනිම වෙනුවෙන් ලකුණු 59ක් හා දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 17ක් ලබාගැනීමට සමත්වුණා.
මෙම තරඟය ආරම්භ වීමට පෙර ටෙස්ට් තරඟ 84කදී ඉනිම් 149ක් ක්‍රීඩා කරමින් ලකුණු 7934ක් ලබාගෙන සිටි අතර මෙම තරඟයේදී ලබාගත් සම්පූර්ණ ලකුණු 76 හේතුවෙන්, Steven Smith ටෙස්ට් දිවියේ ලකුණු 8000 සීමාව පසුකර යාමට සමත්විය.
ඒ සඳහා ඔහු ඉනිම් 151ක් ක්‍රීඩා කර ඇති අතර, ලොව වේගවත්ම ටෙස්ට් ලකුණු 8000 ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට හැකිවිය.
මීට පෙර එම වාර්තාව කුමාර සංගක්කාර හට හිමිවී තිබූ අතර, සංගක්කාර ටෙස්ට් ලකුණු 8000 ලබාගෙන ඇත්තේ ඉනිම් 152 කට මුහුණදෙමින් ය. ඒ වන විට ඔහු තරඟ 91කට ක්‍රීඩා කර තිබූ අතර 2010 අගෝස්තු මාසයේ ඉන්දියාව එරෙහිව පැවතී තරඟයේදී කුමාර සංගක්කාර ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකර යාමට සමත්වී ඇත.
ඊට අමතරව, ඉන්දීය හිටපු ක්‍රීඩක Sachin Tendulkar හට තම ටෙස්ට් දිවියේ ලකුණු 8000 සීමාව පසුකිරීමට ඉනිම් 154කට ක්‍රීඩා කිරීමට සිදුවී ඇත.
මේ වන විට 32 වන වියේ පසුවන Steven Smith ටෙස්ට් පිටියේ ශතක 27ක් සමඟින් ලකුණු 60කට වඩා වැඩි පිතිකරණ සාමාන්‍යයක් ද රඳවාගනිමින් සිටී.
වේගවත්ම ටෙස්ට් ලකුණු 8000 පමණක් නොව, වේගවත් ටෙස්ට් ලකුණු 7000 සීමාවද පසුකර ඇත්තේ Steven Smith වේ..ඒ සඳහා ඔහුට ඉනිම් 126ක් ක්‍රීඩා කිරීමට සිදුවී ඇත. එහි දෙවන ස්ථානයේ එංගලන්ත හිටපු ක්‍රීඩක WR Hammond (ඉනිම් 131) තුන්වන ස්ථානයේ V Sehwag (ඉනිම් 134) ද, සිටින අතර කුමාර් සංගක්කාර හට ටෙස්ට් පිටියේ ලකුණු 7000 පසුකර යාමට ඉනිම් 138ක් වැයවී ඇත.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියා ක්‍රීඩක Steven Smith, 2019 අළු බඳුන තරඟාවලියේ සිට, මේ වන තෙක් සිය ඉනිම් 29 තුළම ලබාගෙන ඇත්තේ එක් ශතකයක් පමණයි.
ඒ අනුව ටෙස්ට් පිටියේ වේගවත් ලකුණු 8000 ලබාගත් ක්‍රීඩකයින් මෙන්න,
1) Steven Smith – ඉනිම් 151 යි.
මේ වන විට තරඟ 85කදී, ඉනිම් 151ක් ලබාගනිමින් ලකුණු 8010ක් ලබාගෙන ඇති අතර ශතක 27කට හා අර්ධ ශතක 36කට හිමිකම් කියයි. ටෙස්ට් ඉනිමක සාමාන්‍ය ලකුණු 60කට අධික ලකුණු ප්‍රමාණයක්ද රඳවාගැනීමට සමත්වී ඇත.
2) කුමාර් සංගක්කාර – ඉනිම් 152
2010 – 08 – 03 වන දින ඉන්දියාව එරෙහිව ආරම්භක වූ ටෙස්ට් තරඟයේදී සංගක්කාර සිය ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකර යාමට සමත්විය.
ඔහු ජාත්‍යන්තර පිටියෙන් ඉවත්වන විට ටෙස්ට් තරඟ 134කදී ඉනිම් 233ක් ක්‍රීඩා කරමින් ලකුණු 12400ක් ලබාගැනීමට සමත්විය. එහිදී ශතක 38ක් , අර්ධ ශතක 52ක් හා ද්විත්ව ශතක 11කට හිමිකම් කියූ ඔහුගේ ඉනින සාමාන්‍ය ලකුණු 57.41ක් විය.
3) Sachin Tendulkar – ඉනිම් 154
2002 – 05 – 18 වන දින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ ටෙස්ට් තරඟයේදී Tendulkar තම ටෙස්ට් දිවියේ ලකුණු 8000 සීමාව පසුකර යාමට සමත්විඋඅ.
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට තරඟ 200කදී ඉනිම් 329ක් ක්‍රීඩා කරමින් ලකුණු 15921ක් ලබාගැනීමට සමත්වී ඇත්තේ ශතක 51ක් හා අර්ධ ශතක 68ක් ද සමඟිනි. ඔහුගේ නමට ද්විත්ව ශතක 6ක් ඇත. ඔහු සමුගන්නා විට ඉනිමක සාමාන්‍ය ලකුණු 53.78ක් රඳවාගැනීමට සමත්වී ඇත.
3) Garry Sobers – ඉනිම් 157
1974 – 02 – 16 වන දින එංගලන්තයට එරෙහිව ආරම්භ වූ තරඟයේදී ඔහු ටෙස්ට් ලකුණු 8000 සීමාව පහුකර යාමට සමත්විය.
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට තරඟ 93කදී ඉනිම් 160ක් ක්‍රීඩා කරමින් ලකුණු 8032ක් ලබාගැනීමට සමත්වී ඇති අතර ඔහු ටෙස්ට් ශතක 26කට හා අර්ධ ශතක 30කට හිමිකම් කියූ ක්‍රීඩකයෙකි. ඔහුගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 57.78කි.
4) Rahul Dravid – ඉනිම් 158
1996 – 06 – 20 දින ආරම්භ වූ ශ්‍රී ලංකාව එරෙහිව පැවතී තරඟයෙන් ඔහු ටෙස්ට් දිවියේ ලකුණු 8000 සීමාව පසුකර යාමට සමත්විය.
ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට තරඟ 164කදී ඉනිම් 286ක් ක්‍රීඩා කරමින් ශතක 36ක් හා අර්ධ ශතක 63ක් සමඟින් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 13,288කි. ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 270ක් වන අතර සමුගන්නා විට ඉනිමක සාමාන්‍ය ලකුණු 52.31ක් රඳවාගෙන තිබුණි.
5) Virendre Sehwag – ඉනිම් 160
2011 – 12 – 26 වන දින ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වූ ටෙස්ට් තරඟයේදී Sehwag තම ටෙස්ට් දිවියේ ලකුණු 8000 සීමාව පහුකර යාමට සමත්විය.
ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට තරඟ 104කදී ඉනිම් 180ක් පන්දුවට පහර දෙමින් ලකුණු 8586ක් ලබාගැනීමට සමත්වී ඇත. ටෙස්ට් ශතක 23කට හා අර්ධ ශතක 32කට හිමිකම් කියන ඔහුගේ ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 319කි. (ටෙස්ට් Average – 49.34)