සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තුන්වෙනි තරඟයේ ජය වාර්ථා කිරීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ තුන්වන හා අවසන් තරඟය ලෙස අද (21) පැවතී තරඟයෙන් ලකුණු 184ක විශිෂ්ට ජයක් වාර්ථා කරමින් ශ්‍රී ලංකාව, තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්විය.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 254ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 66කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව, චරිත් අසලංක පන්දු 56කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් හා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පන්දු 32කදී ලකුණු 30ක් ලබාගැනීමට සමත් විය. කුසල් මෙන්ඩිස් 36 (51) , රමේශ් මෙන්ඩිස් 26 (21)

 

පන්දු යැවීමේදී Richard Ngarava ලකුණු 46කට කඩුලු 2ක් දවාගත් අතර, Tendai Chatara, Blessing Muzarabani , Masakadza, Ryan Burl හා Sean Williams එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

 

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 24.4ක් අවසානයේදී සියලු දෙනාම දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 70,ක් පමණයි.

සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන්, වැඩිම ලකුණු ලාභියා වූ Takudzwanashe Kaitano පන්දු 23කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව්, Ryan Burl පන්දු 46කදී ලකුණු 15ක් ලබාගත් නමුත්, අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නෙ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 10කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

 

ඊට අමතරව, දුශ්මන්ත චමීර ලකුණු 20කට කඩුලු දෙකක්, රමේශ් ලකුණු 26කට කඩුලු 2ක් දවාගත් අතර, මහීශ් තීක්ශණ හා චාමික කරුණාරත්න එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.

ඒ අනුව, තරඟ තුනකින් සමත්විත එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 56කදී ලකුණු 52ක් ලබාගත් චරිත් අසලංක වන අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වේ.

 

 

දුශ්මන්ත චමීර ලබාගත් කඩුලු දෙකේ වීඩියෝව,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *