සිම්බාබ්වේ කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පලමු තරඟය අද (16) පැවැත්වුන අතර, එම තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. (වීඩියෝ එක පහළින් නරඹන්න)

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබාගැනීමට සමත් විය.

සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Seen Williams විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර අතර ඔහු පන්දු 87කදී හතරේ පහර 9ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 100ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඊට අමතරව, ආරම්භ පිතිකරු Regis Chakabva පන්දු 81කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබාගැනීමට සමත් වූ අතර Takudzwanashe Kaitano පන්දු 50කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 42ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, ඔහුගේ පන්දුවාර 10 අවසානයේදී ලකුණු 69ක්ට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව, නුවන් ප්‍රදීප් ලකුණු 54ට කඩුලු 2ක් හා ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 44ට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

 

 

අනතුරුව, ලකුණු 297ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.3ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 300ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 71කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 75ක් ලබාගැනීමට සමත් විය. පැතුම් නිස්සංක හට අද ලබාගැනීමට හැකි වූයේ ජාත්‍යන්තර එක්දින පිටියේ පලමු අර්ධ ශතකය වේ.

 

 

ඊට අමතරව, ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් පන්දු 91කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 75 ක් ලබාගැනීමට සමත් වූ අතර, යොවුන් ක්‍රීඩක චරිත් අසලංක පන්දු 67කදී හතරේ පහර 6ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 71ක් ලබාගැනීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Richard Ngarava ලකුණු 56කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර, Sikandar Raza හා blessing Muzarabani ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පලමු එක්දින තරඟය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පන්දු 91කදී ලකුණු 75ක් ලබාගත් දිනේශ් චන්දිමාල් වේ.

 

 

චාමික කරුණාරත්න දවාගත් කඩුලු තුනේ වීඩියෝ මෙන්න. (Click) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *