සුපිරි ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේගෙන් අතිවිශිෂ්ඨ පන්දු යැවීමක්. අවිශ්ක ප්‍රනාන්දුගෙන් ද අර්ධ ශතකයක්.
Major Club Limited Over තරඟාවලියේ B කාණ්ඩයේ තරඟයක් ලෙස අද (22) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවතී Saracens කණ්ඩායම හා Tamil Union කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 2කක ජයක් වාර්ථා කිරීමට Tamil Union කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Tamil Union කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට Saracens කණ්ඩායම ආරාධනා කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Saracens කණ්ඩායමට පන්දුවාර 32.5ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 123ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් පන්දු 64කදී ලකුණු 56ක් වාර්ථා කිරීමට සමත් වූ අතර නායක ප්‍රමෝද් මදුවන්ත නොදැවී ලකුණු 18ක් රැස්කිරීමට සමත් විය. අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවට ලඟා වීමට නොහැකි විය.

Tamil Union කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ පන්දුවාර 6ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 13කට කඩුලු 5ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව රවිඳු ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු 2ක් ද, ප්‍රමෝද් මදුසංක, සන්තුශ් ගුණතිලක හා දිලුම් සුදීර එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Tamil Union කණ්ඩායම පන්දුවාර 33.5ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 124ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කළ අතර, Tamil Union කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු නවොද් පරණවිතාන පන්දු 74කදී ලකුණු 60ක් ලබාගැනීමට සමත් විය.
Saracens කණ්ඩායම වෙනුවෙන් කවික දිල්ශාන් ලකුණු 21කට කඩුලු 4ක් ලබාගත් අතර, උදිත් මදුශාන්, ආකාශ් සෙනරත්න, සඳුන් මෙන්ඩිස් හා ප්‍රමෝද් මදුවන්ත එක් කඩුල්ල බැඟින් ලබාගැනීමට සමත් විය.
තරඟාවලියේ B කාණ්ඩයේ තවත් තරඟයක් ලෙස පැවතී Sinhalee Sports club හා Baduraliya Sports Club අතර තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Sinhale Sports Club සමත් විය. Sinhalee Sports Club කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 62කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58ක් ලබාගැනීමට සමත් විය.

ඊට අමතරව නායක ශම්මු අශාන් පන්දු 53කදී නොදැවී ලකුණු 84ක් හා ආරම්භක පිතිකරු ක්‍රිශාන් සන්ජුල පන්දු 78කදී ලකුණු 53ක් ලබාගැනීමට සමත් විය.