සුපිරි ක්‍රීඩක ශෙහාන් ජයසූරියගේ වේගවත් ඉනිමක්.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර, පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදී ඇමරිකාව බලා පිටත් වී ගිය ශෙහාන් ජයසූරිය මේ වන විට ඇමරිකාවේ ලීග් තාරඟාවලියක් ක්‍රීඩාකරමින් හොඳින් දස්කම් අතර පැමිණ තිබෙනවා. ඒ මේ දිනවල අමරිකාවේ පැවැත්වෙන Minro League තරඟාවලියේ වේ.

 

 

මෙම තරඟාවලියේදී ශෙහාන් ජයසූරිය Silicon Valley Strikers කණ්ඩායම නියෝජනය කරන අතර, අවසන් පූර්ව තරඟාකදී මෙලෙස ශෙහාන් ජයසූරිය සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අතර, මේ වන විට Silicon Valley Strikers කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට සමත් වී ඇත.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Austin Athletics කණ්ඩායමේ ආරාධනයෙන් පලමුව පන්දුවට පහරදුන් Silicon Valley Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 174ක් ලබාගත් ගැනීමට සමත් වුණා. Silicon Valley Strikers කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශෙහාන් ජයසූරිය පන්දු 51කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 78ක් ලබාගැනීමට සමත් විය.

 

 

ඉන් අනතුරුව ලකුණු 175ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Austin Athletics කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි. Austin Athletics කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 50කින් ලකුණු 67ක් ලබාගත් Hamza Bangash වේ.

 

 

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවතී මෙම තරඟයේදී ලකුණු 8ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට Silicon Valley Strikers කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ Silicon Valley Strikers කණ්ඩායම වෙනුවෙන් ලකුණු 78ක් ලබාගත් ශෙහාන් ජයසූරියයි.

 

 

More News >>>

• මහේල ජයවර්ධන හට මේවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීමට අවස්ථාව පවතී – අරවින්ද සිල්වා (Click)

• 2022 වසරේ සිට පැවැත්වීමට නියමිත නවතම ලෙජන්ඩ් තරඟාවලියේ සම්පූර්ණ විස්තරය. (Click)

• මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න. (Click)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *