සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානගේ තුන්ඉරියව් දක්ශතා හේතුවෙන් TKR පිළට විශිෂ්ට ජයක්.
කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 30වන තරඟය ලෙස පැවතී St Kitts and Nevis Patriots කණ්ඩායම හා Trinbage Knight Riders කණ්ඩායම අතර පැවතී තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් ඉසුරු උදාන ක්‍රීඩා කරන Trinbage Knight Riders කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනා ගත් Trinbage Knight Riders නායක Kieron Pollard විසින් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් St Kitts කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගනීමට සමත් විය.
St Kitts and Nevis Patriots කණ්ඩායම වෙනුවෙන්, ආරම්ක පිතුකරු Joshua da Silva පන්දු 45කදී හතරේ පහරවල් 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර, Sherfane Rutherford හා Dwayne Bravo ලකුණු 25 බැඟින් ලබා ගනිමින් ගැනීමසා සමත් වුණා.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ Ali Khan පන්දුවාර 4 අවසානයේදි ලකුණු 19කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, ශ්‍රී ලංකා හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන පන්දුවාර 4කදී ලකුණු 28ක් පමණක් ලබාදී කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව Ravi Rampaul හා Akeal Hosein ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ Trinbage Knight Riders කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Kieron Pollard පන්දු 22කදී හතරේ පහරවල් 3ක් හා හයේ පහරවල් 5ක් සමඟින් වේගවත් ලකුණු 51ක් ලබාගැනීමට සමත් වූ අතර, අවසන් මොහොතේදී ඉසුරු උදාන පන්දු 16කදී හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 28ක් ලබාගැනීමට සමත් වුණා.
ඒ අනුව Trinbage Knight Riders කණ්ඩායම කඩුලු 4ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත් වූ අතර තරඟයේදි ඉසුරු උදාන විසින් කඩුලු 2ක් හා ලකුණු 28ක් ලබාගනිමින් මෙලෙස තුන්ඉරියව්වෙන්ම දක්ශතා දැක්වීමට හැකි වූවා. ඒ අනුව Trinbage Knight Riders කණ්ඩායම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගත් අතර ලබන 14 වන දින ඔවුන් St Lucia Kings කණ්ඩායම සමඟ අවසන් පූර්ව තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඉසුරු උදානගේ හයේ පහරවල් තුනේ වීඩියෝව.
@IAmIsuru17 25* (16) 6*3 ❤️@CPL #TrinbagoKnightRiders pic.twitter.com/vwfv9VswSG
— Stay Cricket (@staycricket) September 13, 2021
විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න.(click)