සුපිරි පන්දුවාරයකින් අනතුරුව ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්.

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාවට අතර දෙවන විස්සයි විස්ස තරඟ, තියුණු තරඟයකින් අනතුරුව දෙපිලේම ලකුණු සමවීමෙන් පසුව සුපිරි පන්දුවාරයේදී තරඟය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබාගැනීමට සමත්විය.

ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Josh Inglis පන්දු 32කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව නායක Aaron Finch පන්දු 20කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබාගත් අතර, Marcus Stoinis පන්දු 18කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් හා ආරම්භක පිතිකරු Ben McDermott පන්දු 15කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී විස්සයි විස්ස පිටියේ අංක එකේ පන්දු යවන්නා වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 33කට කඩුලු 2ක් දවාගත් අතර, දුශ්මන්ත චමීර ද ලකුණු 30කට කඩුලු දෙකක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව නුවන් තුශාර හා මහීශ් තීක්ශණ අතරේද එක කඩුල්ල බැඟින් බෙදීගියේය.

 

අනතුරුව ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 53කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 73ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව නායක දසුන් ශානක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 19කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් අතර, දිනේශ් චන්දිමාල් පන්දු 22කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 19ක් හා වනිඳු හසරංග පන්දු 9කදී ලකුණු 13ක් ද රැස්කරගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Josh Hazlewood පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Pat Cummins , Marcus Stoinis , Kane Richardson හා Adam Zampa අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.

තරඟයේ අවසන් පන්දුවාරයේදී මහීශ් තීක්ශණ එල්ල කරන ලද පහරක් Steven Smith විසින් හයේ සීමාවෙන් එපිටට පනිමින් හයේ පහරක් නැවැත්වීමට උත්සාහ දැරූ නමුත් අවසානයේදී විනිසුරුවන් විසින් එය හයේ පහරක් ලෙස තීරණය කළේය. (එයට හේතුව වූයේ Steven Smith විසින් පන්දු රැකගැනීමට පැනීමට පෙර boundary Line එක ස්පර්ශ වීමයි)

 

දෙපිළේම ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් Josh Hazlewood වේ.

වනිඳුගේ පන්දු යැවීම හමුවේ දසුන් ශානක රැකගත් විශිෂ්ට උඩපන්දුවේ වීඩියෝව පහළින්, 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *