සුපිරි පන්දුවාරයකින් අනතුරුව පලමු තරඟය ජය ශ්‍රී ලංකාවට. (Video)
(සුපර් ඕවරයේ වීඩියෝ එක පහළින් නැරඹිය හැක) නවසීලන්තයට එරෙහිව තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ අද (2) පැවතී පලමු තරඟයෙන් චරිත් අසලංකගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඔක්ලන්ඩ් හීදී පැවතී මෙම තරඟයේදී, පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 196ක් ලබාගත් අතර, අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් ලබාගනිමින් තරඟය සමකිරීමට සමත්වුණා.
ඒ අනුව කණ්ඩායම් දෙකේම ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක කළ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සුපිරි පන්දු වාරය යැවූ මහීශ් තීක්ශන නවසීලන්ත කණ්ඩායමට ලකුණු 8ක් පමණක් දැවී කඩුලු 2ක් ද ලබාගනිමින් අවසන් කිරීමට සමත්වූයේ සුපිරි උඩපන්දුවක් ද රැකගනිමිනි. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)
අනතුරුව සුපිරි පන්දු වාරයේදී ලකුණු 9ක ඉලක්කය හඹායෑම සඳහා පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංකයි. එම පන්දුවාරයේ දෙවන පන්දුවට චරිත් අසලංක හයේ පහරක් එල්ල කිරීමට සමත්වූ අතර, නිපන්දුවක් වූ තෙවැනි පන්දුවට ද හතරේ පහරක් එල්ල කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සමත්වුණා.
මෙම තරඟයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පලමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනය කළ අතර, එහි වාසිය උපරිමයෙන්ම ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196ක් වාර්තා කිරීමට සමත්වූයේ චරිත් අසලංක හා කුසල් පෙරේරාගේ අර්ධ ශතක ද සමඟිනි.
අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසී නවසීලන්තය කණ්ඩායමේ පලමු කඩුල්ලම ඉනිමේ 4 වන පන්දුවේදී මහීශ් තීක්ශන සමත්විය. එලෙස දැවීයාමට ලක්වූයේ Tim Seifert වේ. (Tim Seifert – 0)
අනතුරුව ඩිල්ශාන් මදුශංක යැවූ පලමු පන්දුවෙන්ම, අද දින මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ක්‍රීඩා කළ Chad Bows දවාගැනීමට සමත්විය. ඔහුට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 2ක් පමණයි.
අනතුරුව Daryl Mitchell හා Tom Latham එක්ව තුන්වන කඩුල්ල සඳහා ලකුණු 63ක සබඳතාවක් ගොඩනැඟූ අතර, එම සබඳතාවය බිඳ දැමීමට ප්‍රමෝද් මදුශාන් සමත්විය. ඔහු Tom latham ව ලකුණු 27කට දවාගත් අතර, අර්ධ ශතකයක් ලබාගත් Daryl Mitchell ලකුණු 66 දී දවාගැනීමට නායක දසුන් ශානක සමත්විය.
තවද, Rachin Ravindra පන්දු 13කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් හා James Neesham පන්දු 10දී ලකුණු 19කට දැවීගිය අතර, නවසීලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කයක් ලකුණු 13ක්.
එම පන්දුවාර ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පලමු පන්දුවටම Rachin Ravindra දැවීගිය අතර, අවසන් පන්දුවේදී Ish Sodhi හයේ පහරක් එල්ල කිරීම නිසා දෙපිලේම ලකුණු සමවිය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේදී ලකුණු 30කට කඩුලු 2ක් හා දසුන් ශානක පන්දුවාර 2ක් අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, ප්‍රමෝද් මදුශාන් ලකුණු 37කට කඩුලු 2ක් හා මහීශ් තීක්ශන, ඩිල්ශාන් මදුශංක, එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්විය.
තරඟයේ ක්‍රියාත්මක වූ සුපිරි පන්දුවාරය මෙන්න (Video)
Super over pic.twitter.com/JO77pEhiZQ
— Stay Cricket (@staycricket) April 2, 2023