සුපිරි වේගපන්දු යවන්නෙකුට, නවක ක්‍රීඩකයෙකුට හා පුහුණුකරු චමින්ද වාස්ට කොරෝනා ආසාදනය වේ.

ශ්‍රී ලංකා – බංගලාදේශය අතර තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය අද (23) ආරම්භ වීමට නියමිතව තිබූ අතර එහිදී කළ පී.සේ.ආර් පරීක්ශනයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස්, ඉසුරු උදාන හා නවක ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්ථා වෙනවා.


ශිරාන් ප්‍රනාන්දු කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබාගෙන සුව වීමෙන් පසු මෙම තරඟාවලියට ඇතුළත් වූ ක්‍රීඩකයෙකි.

ඒ අනුව මෙම තරඟාවලිය මේ වන විට ගැටලු සහඟත තත්වයකට පත්ව ඇති අතර අද දින තවත් පී.සී.ආර් පරීක්ශනයක් සිදු කර එහි ප්‍රතිඵලය අනුව තරඟාවලිය පවත්වනවා ද නැද්ද යන්න තීරණය කරනු ඇති.


තවද බංගලාදේශ බබල් එක තුල ද දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්ථා වන බැවින් බොහෝ දුරට මෙම තරඟාවලිය කල් දැමීමට සිදුවෙනු ඇත.


නව නායකත්වයකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශය කණ්ඩායම අතර මෙම තරඟාවලිය අද (23), 25, 27 දින වලදී තරඟ 3 පැවැත්වීමට නියමිතව තිබිණි.

Breaking News…  (10.30am)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *