සුරංග ලක්මාල් ක්‍රීඩා කරන ඩර්බිෂයර් කණ්ඩායම තරඟාවලියේ පලමු ජය වාර්තා කරගනී.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ලෙස්ටර්ෂයර් කණ්ඩායම හා ඩර්බිෂයර් කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ඉනිමක හා ලකුණු 68ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ක්‍රීඩා කරන ඩර්බිෂයර් කණ්ඩායම.සමත් වුණා.

 

.(Photo by Ross Kinnaird/Getty Images)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගත් ලෙස්ටර්ෂයර් කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන්ට පලමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 213ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Sam Evans අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 147කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 63ක් ලබාගැනීමට සමත්විය.

 

(Photo by Will Matthews/MI News/NurPhoto via Getty Images)

 

ඊට අමතරව Wiaan Mulder පන්දු 86කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් ලබාගත් අතර, Ed Barnes පන්දු 72කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

(Photo by MARCO LONGARI/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Sam Conners පන්දුවාර 22ක් අවසානයේදී ලකුණු 62කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, සුරංග ලක්මාල් ලකුණු 52කට කඩුලු 2ක් ද, Nick Potts ලකුණු 32කට කඩුලු 2ක් හා Anuj Dal, Muttie McKierman අතරේ එක් කඩුල්ල බැඟින්ද බෙදීගියා.

 

(Photo by Alex Davidson/Getty Images)

 

අනතුරුව පලමු ඉනිම ක්‍රීඩා කළ ඩර්බිෂයර් කණ්ඩායම පන්දුවාර 141.5 ක්‍රීඩා කරමින් සියලුම දෙනා දැවී ලකුණු 531ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ද්විත්ව ශතකයක් ලබාගැනීමට ආරම්භක පිතිකරු Shan Masood සමත්වූ අතර ඔහු පන්දු 268 කදී හතරේ පහර 26ක් හා එක් හයේ පහරක් සමඟින් ලබාගත් ලකුණු ප්‍රමාණය 219ක්.

 

 

ඊට අමතරව Mattie McKierman පන්දු 191කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 101ක් Wayne Madsen පන්දු 159කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 94ක් ලබාගත් අතර, Leus Du Plooy පන්දු 116කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 61ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී ලෙස්ටර්ෂයර් කණ්ඩායමේ ක්‍රීඩක Ed Barnes පන්දුවාර 25ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 101කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, Callum Parkinson ලකුණු 128කට කඩුලු 2ක් හා Beuran Hendricks , Will Davis ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්වුණා.

ඩර්බිෂයර් කණ්ඩායමට වඩා ලකුණු 318ක් පිටුපසින් ලෙස්ටර්ෂයර් කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ට දෙවන ඉනිම වෙනුවෙන්ද සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 250ක් පමණයි.

 

ලෙස්ටර්ෂයර් දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Louis Kimber පන්දු 163කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 54ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Callum Parkinson පන්දු 106කදී එක් හතරේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබාගත් අතර,ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන Sam Evans පන්දු 140කදී ලකුණු 33ක් හා Hassan Azad පන්දු 73කදී ලකුණු 32ක් ද ලබාගැනීමට සමත්වුණා. Wiaan Mulder ද පන්දු 35කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබාගත් නමුත් අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟා වීමට නොහැකිවිය.

 

(Photo by Alex Davidson/Getty Images)

 

පන්දු යැවීමේදී Alex Thomson ලකුණු 50කදී කඩුලු 3ක් ලබාගත් අතර, පලමු ඉනිමේ මෙන්ම මෙම ඉනිමේද සුරංග ලක්මාල් ලකුණු 57කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Anuj Dal ලකුණු 16කට කඩුලු 2ක් හා Sam Conners , Mattie McKierman , Nick Potts අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

 

(Photo by Alex Davidson/Getty Images)

 

ඒ අනුව, ලෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව පැවතී තරඟයෙන් ඉනිමක හා ලකුණු 68ක ජයක් ලබාගැනීමට ඩර්බිෂයර් කණ්ඩායම සමත්වූ අතර මෙය, මෙම තරඟාවලියේ ඔවුන් ලබාගත් පළමු ජයග්‍රහණයට වේ.

සුරංග ලක්මාල් ලබාගත් කඩුලු (වීඩියෝ) 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *