සූර්යකුමාර් යාදෙව්ගේ විශිෂ්ඨ ශතකයත් සමඟින් ඉන්දියාවට ලකුණු 91ක ජයක්.
(වීඩියෝව පහළින් නැරඹිය හැකිය) 2022 ශ්‍රී ලංකාව සහභාගි වූ පලමු තරඟාවලිය වන, ඉන්දියාවට එරෙහිව පැවතී තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය තරංග 1-2ක් ලෙස පරාජයට පත්වූයේ තුන්වන තරඟයෙන් ලකුණු 91ක දැවැන්ත පරාජයක් ලැබීමෙන් අනතුරුවයි.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියා කණ්ඩායමේ නායක හර්දික් පාන්ඩ්‍යා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ඔවුන් නියමිත පන්දුවාර 20ක අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 228ක් ලබාගැනීමට සමත්වුණා.
ඉන්දියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සූර්යකුමාර් යාදෙව් වේගවත් ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 51කදී හතරේ පහර 7ක් හා හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 112ක් ලබාගැනීමට සමත්විය.
සූර්යකුමාර් යාදෙව් වාර්තාකර ගත් මෙම වේගවත් ශතකය ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තුන්වන ශතකය වන අතර, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩකයෙක් ලබාගත් වේගවත්ම T20 ද ශතකය වේ. තවද, ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දෙවෙනියට වැඩිම ශතක ලාභියා වීමට ද සූර්යකුමාර් යාදෙව් සමත්වුණා.
ඊට අමතරව මෙම තරඟයේදී ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 36කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 46ක් හා රාහුල් ත්‍රිපාති පන්දු 16දී වේගවත් ලකුණු 35ක් ලබාගත් අතර, Axar Patel පන්දු 9කදී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී ඩිල්ශාන් මදුශංක පන්දුවාර 4 අවසානයේදී ලකුණු 55කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වූ අතර, කසුන් රාජිත , චාමික කරුණාරත්න හා වනිඳු හසරංග අතරේ එක් කඩුල්ල බැඟින් ද බෙදීගියා.
අනතුරුව ලකුණු 229ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායට පන්දුවාර 16.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 137ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දෙවන තරඟයේදී වේගවත් අර්ධ ශතකයක් ලබාගත් නායක දසුන් ශානක මෙම තරඟයේදී පන්දු 17කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 15කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද, දනංජය ද සිල්වා පන්දු 14කදී ලකුණු 14කදී ලකුණු 22ක් ද ලබාගත් අතර, චරිත් අසලංක පන්දු 14කදී ලකුණු 19ක් හා පැතුම් නිස්සංක ලකුණු 15ක් ද ලබාගැනීමට සමත්වුණා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Arshdeep Singh පන්දුවාර 2.4ක් අවසානයේදී ලකුණු 20කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව හර්දික් පාන්ඩ්‍යා, උම්රාන් මලික්, යුස්වෙන්ද්‍ර චහල් කඩුලු 2ක බැඟින් හා අක්සර් පටෙල් එක් කඩුල්ලක් ද බිඳ දැමීමට සමත්විය.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් ඉන්දියා කණ්ඩායම මෙම තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ජයග්‍රහණය කළ අතර, තරඟයේ වීරයා හා තරඟාවලියේ වීරයා සම්මාන දිනාගැනීමට සමත්වූයේ පිලිවෙලින් සූර්යකුමාර් යාදෙව් හා අක්සර් පටෙල් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පලමු තරඟයේදි ලකුණු 2කින් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වූ අතර, ඒ හේතුවෙන් ඉන්දියාව තුළදී ශ්‍රී ලංකාවට තරඟාවලි ජයක් වාර්තාකර ගැනීමට තිබූ තවත් අවස්ථාවක් මඟ හැරීගියා.
සූර්යකුමාර් යාදෙව්ගේ වීඩියෝව,
Sky pic.twitter.com/qATEzc2mH8
— Stay Cricket (@staycricket) January 7, 2023