හතරවන දිනය අවසන් වන විට තරඟයේ වැඩි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟය මැයි 23 වන ආරම්භක වූ අතර අද (26) දිනට තරඟය නතර කරන විට තරඟයේ වැඩි ගෞරවයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

බංගලාදේශ පලමු ඉනිම අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පලමු ඉනිම ආරම්භක කරමින්, ශ්‍රී ලංකා පලමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 506ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 342කට මුහුණදෙමින් හතරේ පහර 12ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 145ක් ලබාගැනීමට සමත්වුණා. ඇන්ජලෝ මැතිව්ස් ලබාගත් ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 13 වන ශතකයයි.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් සමඟින් එක්ව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේශ් චන්දිමාල් ද අද දිනයේ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 219කදී හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 124ක් ලබාගැනීමට සමත්වුණා. එම ශතකය දිනේශ් චන්දිමාල්ගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 12 වන ශතකයයි.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

දනංජය ද සිල්වාගේ දැවීයාමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සමඟින් එක්වූ දිනේශ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිමේ 6 වන කඩුල්ල සඳහා ලකුණු 199ක (පන්දු 415කදී) සබඳතාවයක් එක්කිරීමට සමත්විය. මෙය බංග්ලාදේශය එරෙහිව ටෙස්ට් තරඟයකදී 6 වන කඩුල්ල සඳහා වැඩිම ලකුණු සබඳතාවය වේ.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඇන්ජලෝ මැතිව්ස් හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයින් දෙදෙනායි. 2014 වර්ෂයේදී මීර්පූර්හීදී බංග්ලාදේශයට එරෙහිව ඇන්ජලෝ මැතිව්ස් හා මහේල ජයවර්ධන හයවන කඩුල්ල සඳහා ලකුණු 179 ක සබඳතාවයක් ගොඩනැගීමට සමත්වුණා.

 

 (Photo credit should read MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඇන්ජලෝ මැතිව්ස් හා දිනේශ් චන්දිමාල් හැරුනු විට ශ්‍රී ලංකා පලමු ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු දැවීයන විට පන්දු 155 කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 80ක් ලබාගෙන සිටියා. ඊට අමතරව දනංජය ද සිල්වා ද අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වුණා. [ දනංජය ද සිල්වා – 58 (95) ] එය ඔහුගේ 10 වන ටෙස්ට් අර්ධ ශතකයයි.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශකිබ් අල් හසන් පන්දුවාර 40.1ක් අවසානයේදී ලකුණු 96කට කඩුලු 5ක් බිඳ දැමූ අතර Ebadot Hossain පන්දුවාර 38කදී ලකුණු 148කට කඩුලු 4ක් බිඳදැමීමට සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පලමු ඉනිමට වඩා ලකුණු 141ක් පිටුපසින් සිට බංගලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භක කළ අතර, ඉනිමේ ලකුණු 15ක් ලෙස සනිටුහන් වූ අවසානයේදී ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් හට උඩපන්දුවක් ලබාදෙමින් ලකුණු නොලබාම දැවීගියා. මෙම තරඟයේදී පලමු ඉනිමේදී ද තමීම් ඉක්බාල් හට ලකුණු ලබාගැනීමට හැකිවූයේ නෑ.

 

 

ඉන් අනතුරුව නජ්මුල් හොසේන් දුවද්දී දැවීයාමට හසුකර ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත්වූ අතර, Mominul Haque දවාගැනීමට කසුන් රාජිතත්, Mohmudul Hasan දවාගැනීමට නැවතත් අසිත ප්‍රනාන්දු සමත්විය.

ඒ අනුව අද (26) හතර වන දිනට තරඟය නතර කරන විට බංගලාදේශ ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 107ක් පිටුපසින් සිටින්නේ තවත් කඩුලු 6ක් ඇතැතිවයි. (Bangaladesh – 34/4) නොදැවී කඩුල්ලේ රැඳීසිටින මුෂ්ෆිකර් රහීම් පන්දු 16කදී ලකුණු 14ක් හා ලිටන් දාස් පන්දු 11කදී එක් ලකුණක් ලබාගෙන සිටිනවා.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු පන්දුවාර 6කදී ලකුණු 12කට කඩුලු 2ක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව කසුන් රාජපක්ෂ ලකුණු 12කට එක් කඩුල්ලක් ද දවාගත් අතර ඒ සමඟින් නව වාර්තාවක් පිහිටුවීමටද කසුන් රාජිත අද සමත්විය.

කසුන් රාජිත අද දින පිහිටවූ වාර්තාව වන්නේ බංගලාදේශය තුළදී ටෙස්ට් තරඟාවලියක කඩුලු 10ක් බිඳ දැමූ පලමු ශ්‍රී ලාංකිකයා වීමයි. කසුන් රාජිත පලමු තරඟයේදී කඩුලු 4ක් බිඳ දැමූ අතර මෙම තරඟයේදී පලමු ඉනිමේ කඩුලු 5ක් හා දෙවෙනි ඉනිමේ මේ වන විට එක් කඩුල්ලක් ද සමඟින් මුලු කඩුලු 10ක් ලබාගෙන ඇත.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

කුසල් මෙන්ඩිස් රැකගත් උඩපන්දුව හා ප්‍රවීන් ජයවික්‍රම නජ්මුල් හොසේන්ව දුවද්දී දැවීයාමට හසුකරගත් ආකාරය, (වීඩියෝ)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *