හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයක්.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.


ඔහුගේ මෙම පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඡේෂ්ඨ නිලධාරියෙකු විසින් ඊයේ ඩේලි නිවුස් වෙත තහවුරු කර තිබුණි.

මේ වන විට 54 හැවිරිදි වියේ පසු වන හෂාන් තිලකරත්න මීට පෙර ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ ඇති අතර පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන ඒකකයේ නිළධාරියකු ලෙස කටයුතු කර ඇත.


වමත් පිතිකරුවෙකු වන හෂාන් තිලකරත්න පළමු පෙළ ලකුණු 13,000 කට වඩා ලබා ගෙන ඇති අතර ඔහු 1984 සිට 2004 දී විශ්‍රාම යන තෙක් එන්.සී.සී. (NCC) වෙනුවෙන් ක්‍රීඩා කළේය.

තිලකරත්න 1989 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව හොබාර්ට්හිදී ටෙස්ට් වරම් දිනාගත් අතර 2004 වන තෙක් රට නියෝජනය කළ දක්ශ ක්‍රීඩකයෙකි.


ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 83 කට ක්‍රීඩා කරමින් ලකුණු 4,545ක් රැස් කර ඇති අතර පිතිකරුන සාමාන්‍ය 42.87 ක් වේ. ටෙස්ට් දිවියේ ශතක 11 ක් හා අර්ධ ශතක 20 කින් සමන්විත වන අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නොදැවී ලකුණු 204 ක් රැස් කිරීමට සමත් වී ඇත..

1986 දී සාජා හිදී ඉන්දියාවට එරෙහිව සිය මංගල එක්දින තරඟය ක්‍රීඩා කළ ඔහු ජාත්‍යන්තර එක්දින තරඟ 200 ක් ක්‍රීඩා කර ඇත. එහිදී ලකුණු 3,789 ක් රැස් කිරීමට සමත් වී ඇත්තේ ශතක 2ක් හා අර්ධ ශතක 13ක් සමඟිනි.

SYDNEY – JANUARY 13: Hashan Tillakaratne of Sri Lanka in action during the VB series One Day International match played between England and Sri Lanka held at the Sydney Cricket Ground in Sydney, Australia on January 13, 2002. (Photo by Daniel Berehulak/Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *