කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට පරදා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 17 වන තරඟය ලෙස අද (16) පැවතී ජැෆ්නා කින්ග්ස හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 102ක දැවැන්ත ජයක් වාර්ථා කිරීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා. (වීඩියෝ එක පහළින් නැරඹිය හැක)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කින්ග්ස් නායක තිසර පෙරේරා පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පලමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණ දැවී ලකුණු 193ක් ලබාගැනීමට සමත්විය.

ජැෆ්නා කින්ග්ස් ඉනිමේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කොලර් කැඩ්මෝ පන්දු 55කදී පහරේ පහර 5ක් හා හයේ පහර 8ක් සමඟින් ලකුණු 92ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව උපුල් තරංග පන්දු 33කදී හහරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබාගැනීමට සමත් වූ අතර ඉනිම අවසානයේදී වනිඳු හසරංග පන්දු 7කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 19ක් ලබාගැනීමට සමත් විය.

 

පන්දු යැවීමේදී නවීන් උල්-හක් පමණක් සාර්ථක වූ අතර ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 27කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව  දුශ්මන්ත චමීර ලකුණු 39කට එක් කඩුල්ලක් ද, ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 33කට එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත් විය.

 

අනතුරුව ලකුණු 194ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 15.5ක් අවසානයේදී සියලුදෙනාම දැවි ලබාගැනීමට හැකි වූයේ  ලකුණු 91 ක් පමණයි.

කලම්බෝ ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Tom Benton පන්දු 33කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබාගැනීමට සමත් විය.

 

ඊට අමතරව ආරම්භක පිතිකරු දනන්ජය ද සිල්වා පන්දු 12කදී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද, නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10ක් හා රවී රාම්පෝල් නොදැවී ලකුණු 10ක් ලබාගත් නමුත්, අන් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට නොහැකි විය.

පන්දු යැවීමේදී Jayden Seales විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 2.5ක් අවසානයේදී ලකුණු 13කට කඩුලු 4ක් දවාගත් අතර, මහීශ් තීක්ශණ ලකුණු 25කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

 

මෙවර තරඟාවලියේ පළමු තරඟය ක්‍රීඩා කළ විජයකාන්ත් වියස්කාන්ත් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 33කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඔහුගේ පන්දු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින් වනුයේ, කුසල් ජනිත් පෙරේරා , Kemmo Paul හා Tom Benton වේ.

 

ඒ අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මෙම තරඟයෙන් ලකුණු 10ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට හැකි වූයේ පන්දු 55කදී වේගවත් ලකුණු 92ක් ලබාගත් ටොම් කොලර් කැඩ්මෝ වේ.

 

 

වියස්කාන්ත්ගේ සුපිරි පන්දු යැවීම (වීඩියෝ)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *