ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට එරෙහිව කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 13වන තරඟය ලෙස පැවතී ගෝල් ග්ලැඩියේටස් හා කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 41 විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා. (චන්දිමාල් 105M ක් දුරට එල්ල කළ හයේ පහරේ වීඩියෝව පහළින් නැරඹිය හැක)
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 18කට සීමා වූ, තරඟයේ කාසියේ වාසිය දිනාගත් කලම්බෝ ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 18 අවසානයේදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත්විය.
කලම්බෝ ස්ටාර්ස් ඉනිමේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 57කදී හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 73 ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ඉනිමේ දිනේශ් චන්දිමාල් පන්දු 14කදී හහරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 36ක් ලබාගැනීමට සමත් වූ අතර අශාන් ප්‍රියංජන් පන්දු 16කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් රැස්කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී සමිත් පටෙල් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 23කට කඩුලු 2ක් හා දනන්ජය ලක්ශාන් ලකුණු 22කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව ඉසුරු උදාන, මොහොමඩ් අමීර් හා Noor Ahmad ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත් විය.
අනතුරුව ලකුණු 163ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායට නියමිත පන්දුවාර 18 අවසානයේදී සියලුමදෙනා දැවි ලබාගැනීමට හැකිවූයේ ලකුණු 121ක් පමණි.
ගෝල් ග්ලැඩියේටස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 39කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබාගැනීමට සමත් විය.
ඊට අමතරව මොහොමඩ් හෆීස් පන්දු 20කදී ලකුණු 16ක් ද, දනුශ්ක ගුණතිලක පන්දු 11කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ද ලබාගැනීමට සමත් වූ අතර, සමිත් පටෙල් ලකුණු 11ක් ද ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී නවීන් උල්-හක් සුපිරි පන්දුයැවීම නිරත වෙමින් පන්දුවාර 3.5ක් අවසානයේදී ලකුණු 27කට කඩුලු 3ක් ද, Ravi Rampaul පන්දුවාර 4 අවසානයේදී ලකුණු 36කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.
ඊට අමතරව ඒ සීකුගේ ප්‍රසන්න පන්දුවාර 4 අවසානයේදී ලකුණු 23කට කඩුලු දෙකක් දවාගත් අතර දුශ්මන්ත චමීර හා අශාන් ප්‍රියංජන් අතරේද එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.
ඒ අනුව තරඟය ලකුණු කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 41කින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ පන්දු 14කදී වේගවත් ලකුණු 36ක් ලබාගත් දිනේශ් චන්දිමාල් වේ.
දිනේශ් චන්දිමාල් 105M දුරට එල්ල කළ හයේ පහර (වීඩියෝව)
— cric fun (@cric12222) December 12, 2021