සිම්බාබ්වේ සමඟින් තරඟ වදින ශ්‍රී ලංකා නිළ සංචිතය නම් කරයි.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය ජනවාරි 16 වන දින ආරම්භ වීමට නියමිත අතර, අද දින (13) ශ්‍රී ලංකා නිළ සංචිතය නම් කරනු ලැබූවා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට 17 දෙනෙකු ඇතුළත් වන අතර, තවත් අමතර ක්‍රීඩකයින් 6 දෙනෙකු නම් අර තිබෙනවා.
මීට පෙර සංචිතයට ඇතුලත් වී තිබූ ක්‍රීඩකකින් කිහිපදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හා, තවත් කිහිපදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත් වීම හේතුවෙන් මෙවර සංචිතයේ වෙනසක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු, යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේ හා කමිල් මිශාර යන ක්‍රීඩකයින් තිදෙනා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර, වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හා යොවුන් ක්‍රීඩක කලන පෙරේරා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත්වී ඇති ක්‍රීඩකයින් වේ. මීට අමතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය දරන දනන්ජය ද සිල්වා පෞද්ගලික හේතුවක් මත මෙම තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කරයි.
ඒ අනුව, එලෙස ක්‍රීඩා කිරීමට නොහැකි වන ක්‍රීඩකයින් හය දෙනා වෙනුවට වෙනත් ක්‍රීඩකයින් 6 දෙනෙකු සංචිතයට එකතුකරගෙන ඇති අතර, ඔවුන් අතර තරඟ තහනමකට ලක් වී සිටි කුසල් මෙන්ඩිස් හා, ඡේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් හා නුවන් ප්‍රදීප් ද ඇතුළත්.
ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන, තුන්ඉරියවෙන්ම දක්ශතා දැක්වීමට හැකි, වර්ථමානයේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ අංක එකේ පන්දු යවන්නා වන වනිඳු හසරංග, ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතර තුර ඇති වූ ආබාධ තත්වයක් හේතුවෙන් මෙම තරඟාවලිය ක්‍රීඩා නොකරයි.
ඒ අනුව මෙවර ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙන්න.
1) දසුන් ශානක – නායක
2) පැතුම් නිස්සංක
3) මිනෝද් බානුක
4) චරිත් අසලංක
5) චාමික කරුණාරත්න
6) මහීශ් තීක්ශණ
7) දිනේශ් චන්දිමාල්
8) කුසල් මෙන්ඩිස්
9) නුවන් ප්‍රදීප්
10) ජෙෆ්රි වැන්ඩසේ
11) රමේශ් මෙන්ඩිස්
12) ප්‍රවීන් ජයවික්‍රම
13) නුවන් තුශාර
14) දුශ්මන්ත චමීර
15) චාමික ගුණසේකර
16) කමිඳු මෙන්ඩිස්
17) ශිරාන් ප්‍රනාන්දු
මීට අමතරව, සංචිතයට අමතර ක්‍රීඩකයින් හය දෙනෙකුද ඇතුළත් කර ඇති අතර, එම ක්‍රීඩකයින් 6 දෙනා වන්නේ, අශේන් බණ්ඩාර, පුලින තරංග, නිමේශ් විමුක්ති, අශින් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු වේ.