නව වසරේ පලමු එක්දින අර්ධ ශතකය යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංකගෙන්.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ (16) පැවතී පලමු එක්දින තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත් විය.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව පන්දුවාර 48.3 කදී ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට සමත්විය.

 

මෙම තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවන් ක්‍රීඩකයින් තිදෙනෙක් අර්ධ ශතක රැස්කිරීමට සමත් වූ අතර, 2022 නව වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පලමු අර්ධ ශතකය ලබාගැනීමට සමත් වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වේ. ඔහු පන්දු 71කදී ලබාගත් ලකුණු ප්‍රමාණය 75ක්.

 

ඒ අනුව, මෙවර පැතුම් නිස්සංක මෙන්න මීට පෙර වසර 10කදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් වසරේ පලමු එක්දින අර්ධ ශතකය ලබාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 10 දෙනෙක් විසින් ය.

2012 – 2022 දක්වා එක් එක් වසර වලදී, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වසරේ පලමු එක්දින අර්ධ ශානකය ලබාගත් ක්‍රීඩකයින් මෙන්න.

1. උපුල් තරංග – 2012 වර්ෂය
2012 ජනවාරි 14, ශ්‍රී ලංකාව – දකුණු අප්‍රිකාව අතර
පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව – 236/6
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ මහේල ජයවර්ධන නොදැවී ලකුණු 92ක් ලබාගත් අතර, 2012 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් උපුල් තරංග ලකුණු 66 යි. (මෙම තරඟය දකුණු අප්‍රිකාව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සමත් විය)

 

 

2. T.M ඩිල්ශාන් – 2013 වර්ෂය
2013 ජනවාරි 11, ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියාව අතර
පලමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව – 305/5 (50) | ශ්‍රී ලංකාව – 198 ALL OUT
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේශ් චන්දිමාල් ලකුණු 73ක් ලබාගත් අතර, 2013 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වසරේ පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් T.M ඩිල්ශාන් පන්දු 70කදී නොදැවී ලකුණු 51ක් ලබාගැනීමට සමත් විය.
(මෙම තරඟය ඕස්ට්‍රේලියාව ලකුණු 107කින් ජයග්‍රහණය කිරීමට සමත් විය)

 

 

3. තිසර පෙරේරා – 2014 වර්ෂය
2014 පෙබරවාරි 17, ශ්‍රී ලංකා හා බංගලාදේශය අතර
පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව – 180 ALL OUT (40)
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා හා, 2014 වසරේ වාර්ථා වුන පලමු එක්දින ශතකය ලබාගත් තිසර පෙරේරා පන්දු 57කදී නොදැවී ලකුණු 80 ක් ලබාගැනීමට සමත් විය. (මෙම තරඟය ලකුණු 13කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය)

 

 

4. මහේල ජයවර්ධන – 2015 වර්ෂය
2015 ජනවාරි 11, ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර
පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව – 218/9 (50)
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා හා, 2015 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වසරේ පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් මහේල ජයවර්ධන පන්දු 107කදී ලකුණු 104ක් ලබාගැනීමට සමත් විය. ( මෙම තරඟය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත්විය)

 

 

5. දිනේශ් චන්දිමාල් – 2016 වර්ෂය
2016 ජනවාරි 5, ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර
පලමුව පන්දුවට පහර දුන් නවසීලන්තය – 294/5 (50) | ශ්‍රී ලංකා කණ්ඩායම – 258 ALL OUT (47.1)
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 116කදී ලකුණු 95ක් ලබාගැනීමට සමත් වූ අතර, 2016 වසරේ වාර්ථා වූ පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් දිනේශ් චන්දිමාල් පන්දු 65කදී ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය. (මෙම තරඟය ලකුණු 36කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය)

 

 

6. කුසල් මෙන්ඩිස් – 2017 වර්ෂය
2017 ජනවාරි 28, ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකාව අතර
පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව – 181 ALL OUT (48.3)
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා හා, 2017 වසරෙ ශ්‍රී ලංකාව වෙනුවෙන් වසරේ පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් පන්දු 94 කදී ලකුණු 62ක් ලබාගැනීමට සමත් විය. (මෙම තරඟය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය)

 

 

7. කුසල් ජනිත් පෙරේරා – 2018 වර්ෂය
2018 ජනවාරි 17, ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර
පලමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම – 290/6 (50) | ශ්‍රී ලංකා කණ්ඩායම – 278 ALL OUT (48.1)
2018 වසරේ ශ්‍රී ලංකාව සහභාගි වූ පපමු තරඟය සිම්බාබ්වේ හමුවේ පරාජයට පත් වූ අතර, වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් ජනිත් පෙරේරා පන්දු 83කදී ලකුණු 80ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව මෙම තරඟයේදී තිසර පෙරේරා විසින්ද ලකුණු 62ක් ලබාගැනීමට සමත් විය.

 

 

8. නිරෝශන් දික්වැල්ල – 2019 වර්ෂය
2019 ජනවාරි 03, ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර
පලමු පන්දුවට පහර දුන් නවසීලන්තය – 371/7 (50) | ශ්‍රී ලංකා කණ්ඩායම – 326 ALL OUT (49)
මෙම තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කුසල් පෙරේරා පන්දු 86කදී වේගවත් ලකුණු 102ක් ලබාගත් අතර, නව වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් නිරෝශන් දික්වැල්ල පන්දු 50කදී ලකුණු 70ක් ලබාගැනීමට සමත්විය. (මෙම තරඟය ලකුණු 45කින් ජය ගැනීමට නවසීලන්තය සමත්විය)

 

 

9. අවිශ්ක ප්‍රනාන්දු – 2020 වර්ෂය
2020 පෙබරවාරි 22, ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් අතර, පලමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – 289/7 (50) | ශ්‍රී ලංකා කණ්ඩායම – 290/9 (49.1)
2020 වසරේ ශ්‍රී ලංකාව සහභාගි වූ පලමු එක්දින තරඟයේ ශ්‍රී ලංකා වෙනුවෙන් වසරේ පලමු එක්දින අර්ධ ශතකය ලබාගැනීමට සමත්වූයේ අවිශ්ක ප්‍රනාන්දු විසින් ය. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 50කි. ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න පන්දු 57කදී ලකුණු 52ක් ද ලබාගැනීමට සමත්විය. (මෙම තරඟය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ වනිඳු හසරංග වේ)

 

 

10. දනුශ්ක ගුණතිලක – 2021 වර්ෂය
2021 මාර්තු 10, ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් අතර,
පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව – 232 ALL OUT (49)
මෙම තරඟයේදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලාභියා හා, ශ්‍රී ලංකාව වෙනුවෙන් වසරේ පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් දනුශ්ක ගුණතිලක පන්දු 61කදී ලකුණු 55ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් හා යොවුන් ක්‍රීඩක අශේන් බණ්ඩාර ලකුණු 50ක් ද ලබාගැනීමට සමත් විය. (මෙම තරඟය කඩුලු 8කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය)

 

 

11. පැතුම් නිස්සංක – 2022 වර්ෂය*
2022 ජනවාරි 16, ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අතර,
පලමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම – 296/9 (50) | ශ්‍රී ලංකා කණ්ඩායම – 300/5 (48.3)
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා හා නව වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පලමු එක්දින අර්ධ ශතකය ලබාගත් පැතුම් නිස්සංක පන්දු 71කදී ලකුණු 75ක් ලබාගැනීමට සමත් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *